











(ඉන්දික අරුණ කුමාර)
කොරෝනා වසංගතයෙන් රට තුළ ඇතිවු සමාජ දුරස්ථභාවය හමුවේ මාතලේ - ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක පාරිසරික වෙනස්කම් රැසක් ඇති වි ඇතැයි පරිසර සංවිධාන කියා සිටිති.
ඉපැරණි මෙන්ම පාරම්පරික ගම්මාන වන ලග්ගල- රණමුරේ,නාරංගමුව හා හල්මිනිය ගම්මානවල වෙනදා නොදකින පාරිසරික වෙනස්කම් අතරේ ගහකොල වර්ණ ගැන්වීම් මෙන්ම වාතලයට මිනිස් ක්‍රියාකාරකම් මුසු නොවීම හමුවේ පැහැදිලි ලෙස උස් කදු පංති මෙන්ම අහස්කුස ඉතා සෝභමානව දර්ශනය වීම මේ දිනවල ලග්ගල ප්‍රදේශයේ දී දැකගත හැකිය.
පරිසර සංවිධාන පෙන්වා දෙන ආකාරයට වෙනදා නොදුටු විශාල මකුළු විශේෂ රැසක් සිය ජනපද ඉදිකිරි ඉහත කි ගම්මානවල බහුලව මේ දිනවල දක්නට ලැබේ.
ඓතිහාසික කතාපුවත් රැසක් සගවාගත් ලග්ගල - රණමුරේදී දිස්වන අයුරුද මේ දිනවල ඉතා සෝභමානය.
පරිසර ලෝලීන්ගේ නෙත් සිත් පැහැරගන්නා මේ පාරම්පරික ගම්මානවල අද වන විට පවතින සුන්දර බව අප කැමරා කාචයේ සටහන් වූයේ මේ ආකාරයෙනි.
COMMENTS
අනේ මේ අපේ සුන්දර මාතෘබුමිය කොච්චර වටිනවද අපට මෙය... එනමුත් දේශපාලුවන් මෙන්ම උන්ගේ හෙන්චයියන් අපගේ මේ ලස්සන රට හැමවිටම විනාශ කරනවා නොවේද පාවා දෙනවා නොවේද?
නීල හරිතයෙන් බබලන සොඳුරු ගත ... සොබාදම් කුමරි යලි පිබිදිලා ඇත ... නිල්වන් අහසෙ පියඹාලා වලා මත ... පැන දඟලන්න පොරකනවා මගේ සිත ...
පරිසර දූෂණයෙන් සොබාදහම කොච්චර සුන්දර උනත්, දුෂිත සිත් ඇති සමහර මිනිසුන්ට වඩා කවදාවත් නොදුටු මකුළු වර්ග හොඳයි කියලයි මට නම් හිතෙන්නේ...
සුනිල් එදිරිසිංහ මහත්මයා නීලා වික්‍රමසිංහ මහත්මිය සමග ගැයූ ලස්සන ගීතයක පදවැල ටිකින් ටික මගේ මතකය අවදි කළා.............."..මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු නිකෙලෙස් හද බැඳි විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට... වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම් වන මල් දහරින් මාල ගොතන්නම් පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම් තුරු සෙවනැල්ලට මල් අතුරන්නම් - ඕනෑ නැත අන් කිසිවක් මිහිමත පාරාදීසය මෙහි ඉදිවී ඇත මානවිකාවෙනි හෙට හිරු කිරණට ටිකිරි සිනාවක් මුසු…කරනු මැන....
විජිත්, නැගිටින්න ඇඳිරි නිතිය අහවරය.
හරිම ලස්සන පින්තූර ටික. තමන් අවට පරිසරය මේ තරම් ලස්සන බව මිනිස්සුන්ට මතක් කරලා දුන්නට ස්තුතියි. ස්වභාව ධර්මයේ පාට සංකලනය හරිම අපූරුයි. ඕනේ තරම් වෙලා බලා ඉන්න පුළුවන්. අර මකුළුවාගේ පින්තූරේ හරිම කලාත්මක එකක්. මකුළුවා නම් සෑහෙන්න ලොකුයි.
පහුගිය කාලේ මෙවැනි කඳු මුදුන් විනාශ කලේ අර රැල්ලට කඳු නගින සෙට් එක , ඇඳිරිනීතිය ඉවර වුණ ගමන් ආපහු පටන් ගනීවි...
අපි කිසිදා අත් නොදැකපු , කොරෝනා" නම් භයානක වූ වසංගතයකට මුහුණ දුන් අපි ගෙවල්වලටම ලොක් ඩවුන් වුණු නිසා, ස්වභාව ධර්මයේ සත්‍ය වූ සුන්දරත්වය විඳ ගැනීමට තරම් වාසනාවන්ත උනා. අපට අලංකාර ඡායාරූප දසුන් ගෙනා "ලංකාදීප "ඡායාරූප ශිල්පීන්ටත් අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.. ඒ සම්බන්ධව මෙහි සටහන් තැබූ සියල්ලන්ගේම කොමන්ට් කියවා , අපමණ වින්දනයක් ලැබුවා. ගෙවල් ඇතුලටම කොටුවූ අපට එය මහත් අස්වැසිල්ලක් උනා. ඒත් තව කොපමණ දවසකටද? විජිත් මහත්මයා කීවා සේ යලිත් පෙර පරිදිම ,ලෝකයා එකිනෙකා පරදවමින් හැල්මේ දිවයනු ඇත. සොභාදහම් මාතාව යලිත් වරක්, උපේක්ෂාවෙන් අප දෙස බලා "නිහඩවම " සිතින් වැළපෙනු ඇත. කොරෝනාව අපට කියාදුන් නොමියන ජීවන පාඩමෙන් කී දෙනෙක් නම් පාඩම් ඉගෙන ගනීදැයි කිසිවකුටත් කිව නොහැකි වනු ඇත... සොබාදහම් මාතාව සතු ඇගේ සියලුම වස්තූන් වලට අප සැම ප්‍රේම කරමු. ආදරය කරමු. ඒවා සියල්ල නොනසා රැක ගැනීමට දායක වෙමු.. එවිට නැවතත් වසන්තය අප වෙත ළඟාවනු ඇත.
කොරෝනාව අපේ වාසනාවට... දෙවියන් දීපු දෙයක්... බලන්න අප කෙතරම් පිරිසිදු වෙලා... මනරම් වෙලාද කියලා... අනේ, කොරෝනා අපිව දාලා යන්න නම් එපෝ...!