(ප්‍රින්ස් රත්නායක)

සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු  15 වැනිදා සිට ආරම්භ කරන බව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා ප්‍රකාශ කළේය.

විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන්හි සියලුම වසර වල සිසුන් වෙනුවෙන් අධ්‍යන කටයුතු ආරම්භ කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව  අදාළ සියලුම  ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත දිනයන්හි අධ්‍යයන කටයුතු  සඳහා සහභාගී වීමට විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත 14 වැනිදා වාර්තා කළ යුතු බව ද ලේඛකාධිකාරීවරයා වැඩිදුරටත් පැවැසීය.