IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


සබරගමුවේ ප්‍රාථමික පාසල් 625 ක් 21 ඇරැඹේ

(අජිත්ලාල් ශාන්තඋදය)

සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් 625ක් මේ මස (21)  සිට විවෘත කිරිමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය.

පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ සෞඛ්‍ය බලධාරීන් එක්ව ද  පැවති සාකච්ඡාවකින් පසු සෞඛ්‍ය නීති අනුගමනය කරමින් දරුවන් වෙනුවෙන් මෙම පාසල් විවෘත කිරීමට තීරණය බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2020 වසරේ දින 122ක් පමණක් පාසල් පැවැත්වූ බව ආණ්ඩුකාරවරයා කීවේය.

 එහෙත් 2021 වසර තුල පාසල් පැවැත්වීමට හැකිවූයේ දින 56ක් පමණක් බව ද සඳහන් කළේය.

දරුවන් ගැන හිතලා පාසල් යළි විවෘත කිරිමට විදුහල්පතිවරුනගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද ආණ්ඩුකාරවරයා පැවසුවේය. ගුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්‍ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සාධාරණ පියවරක් ගනු ඇතැයි ද පළාත් ආණ්ඩුකාරවයා කීවේය.

සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පුආරච්චි මහතා පැවසුවේ අදියර තුනක් යටතේ සබරගමු පළාතේ පාසල් විවෘත කිරිම 21 දා ආරම්භ කරන බවයි.

 මුල් අදියර යටතේ පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා වු ප්‍රාථමික පාසල් දරුවන් සඳහා විවෘත කරන බව ඔහු කීවේය.

සබරගමු පළාතේ බොහෝ පාසල්වල ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ පළාත් පාලන ආයතනවල සේවකයින් එක්ව එම පාසල් පවිත්‍රතා කටයුතු සිදුකර අවසන් බව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා කීවේය. ඒ අනුව 21 දින සබරගමු පළාතේ ප්‍රාථමික පාසල්වලට දරුවන් 30000ක් පමණ පැමිණෙනු ඇතැයි විශ්වාස කරන බවද සඳහන් කළේය.

සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 18, 19 සහ 20 වන දින එම පාසල් විවෘත කිරිම සම්බන්‍ධයෙන් පූර්ණ අධීක්‍ෂණය කිරීමට වගකිවයුතු නිලධාරියෙක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පත්කර ඇති ව ද පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා එම සාකච්ඡාවේ දී පැවසුවේය.

ගුරු විදුහල්පතිවරුන් නොපැමිණි නිසා ළමයින් 200ට අඩු පාසල් සුද්ද පවිත්‍ර කිරිම 18දා වන විටත් බව ඇතැම් පාසල්වල දරුවන්ගේ මව්පියෝ කීහ. ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංවිධානවල ශාඛා නියෝජිතයන්ගෙන් විමසුවිට ඔවුන් පැවසුවේ ආණ්ඩුවට හිතවත් ගුරු විදුහල්පතිවරු කිහිප දෙනෙක් හැර සෙසු ගුරු විදුහල්පතිවරු 21දා පාසල් විවෘතකිරීමේ කාර්යයට සහාය නොදෙන බවයි.

 

 

 

 

 



අදහස් (0)

සබරගමුවේ ප්‍රාථමික පාසල් 625 ක් 21 ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

දියත

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි
2024 ජුලි මස 15 289 0

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.


හිරුණිකාට ඇප දෙනවාද? නැද්ද? : තීන්දුව 22
2024 ජුලි මස 15 272 0

තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18 කට වරදකරු වී වසර 03 සිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු ම


කොස්තාපල්ලා හැප්පූ බස් රියදුරා අත්අඩංගුවට
2024 ජුලි මස 15 611 0

මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී අනත


ගාල්ල බන්ධානාගරයේ කටයුතු සීමා කරයි
2024 ජුලි මස 15 198 0

ගාල්ල බන්ධනාගාරයේදී පසුගියදා මියගිය රැඳවියා මොලේ උණ රෝගය හේතුවෙන් මියගොස් ඇතැයි පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් තහවුරු වීම නිසා එම බන්ධනාගාරයේ කටයුතු සති


කොල්ලුපිටියේ අනතුරක්: මනාල යුවළට තුවාල
2024 ජුලි මස 15 1994 0

මනාල යුවළක් පෙරටු කොට ගත් රථ පෙළක මංගල රථය සහ තවත් මෝටර් රථයක් කොල්ලුපිටිය ගාලු පාරේ පාසල පටුමග ප්‍රදේශයේදී අද (15) අලුයම එකිනෙක ගැටී මාර්ගයේ ගමන් ගත් තව


දේශපාලනාඥයන්ට පාසල් උත්සව තහනම්
2024 ජුලි මස 15 1368 1

විදුහල්පතිවරුන්ගේ වැටුප් වෙනුවට විැසඳුම් දෙන තුරු දේශපාලනාඥයන් සහභාගී වන නිල උත්සවවලට සහභාගී නොවී සිටීමට විදුහල්පති වෘත්තීය සමිති හතක් ඒකමතිකව තීන


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 95 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 930 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1817 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site