(විනීතා එම් ගමගේ)
ඉහළ පෙළේ දේශපාලඥයින්ට හා රාජ්‍ය නිලධාරීන්ට වාහන මිලදී ගැනීමේදී ඒ සඳහා එක් වාහනයකට වැය කළ හැකි උපරිම මිල ගණන් පිළිබඳව හා දැනට භාවිත කරන වාහන ඉවත්කර අලූත් වාහන ලබාගත හැකි අවස්ථා ද භාවිත කළ හැකි වාහන ප‍්‍රමාණය පිළිබඳව ද තොරතුරු ඇතුළත් චක‍්‍රලේඛයක් නිකුත් කරන්නැයි පැෆරල් සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.
එසේ චක‍්‍රලේඛයක් නිකුත් කළ හොත් ඒ මගින් රාජ්‍ය සම්පත් අවභාවිතය වළක්වා ගත හැකිවනවා පමණක් නොව මහජන නියෝජිතයන්ගේ හා ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ගෞරවයද රැකෙනු ඇතැයි පැෆරල් සංවිධානය ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් වෙයි.
1978 න් පසු පසුගිය දශක 4ක පමණ කාලය තුළ මේ රටේ මහජන නියෝජිතයන් සුඛෝපභෝගී වාහන භාවිතයට දැඩි සේ නැඹුරුවී ඇතැයි ද ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් නොවන විදේශ ණය මත යැපෙන රටකට මෙය කිසිසේත්ම සුදුසු තත්ත්වයක් නොවන්නේ යැයි ද පෙන්වා දෙන එම සංවිධානය පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනවලට ගිය වියදම පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය වී ඇතැයි ද පෙන්වා දී තිබේ.
එමෙන්ම එසේ වාහන භාවිත නොකළ බවට ප‍්‍රකාශ නිකුත් වෙමින් පවතැයි ද රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය මුදල් හා මානව සම්පත් කළමනාකරණය පිළිබඳව දක්වන ආකල්පය පිළිබඳව අගම සංවිධානයේ ප‍්‍රසාදය පළ කරන බවත් මෙම පාලන කාලයෙ තුළ අධි සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම හෝ රාජ්‍ය මුදල් අවභාවිතයට ඉඩ නොතබනු ඇතැයි විශ්වාස කරන බවද එහි සඳහන් ව ඇත.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අස්සනින් යුතුව එම ලිපිය ජනාධිපතිවරයා වෙත අද (11) යවා ඇත.
COMMENTS
බොහොම හොඳ යෝජනාවක්. ජානාධිපති තුමනි ඔබේ අවධානයට.
කවුරුත් දත කට මැදගෙන බලයට එන්නේ සැප විඳින්න නේ මහත්තයෝ. ඉතින් කොහොමද සැප වාහන අත හරින්නේ?
අනේ ඇති යන්තම් කවුරුහරි මේ අවකල් ක්‍රියාව ගැන කතා කරනවා. මේ හඬ සාර්ථක ඝෝෂාවක් වේවා කියලා හදවතින්ම පතනවා.
ඔය දේශපාලකයන්ට තීරුබදු රහිත වාහන් බලපත්‍ර දෙන එක නවත්තන්න කෙටුම්පතක් ගෙනාවනම් ඉවරනේ, කවුරුවත් ඒක කරන්නේ නැහැ. එයාලට ඕන පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 4,5 ක් යන වාහන විතරයි.
සම්පුර්ණයෙන්ම මැති ඇමති වරුන්ට ගෙන්වන සුකොපබෝගී ආදී මිල වාහන වහාම ගෙන්වීම නතර කරන ලෙස අපි ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිමු. නැවත පරණ ක්‍රමයට යන්න එපා ජනතාව කුපිත වෙලා ඔබලා බලයට එන්න හිතන්න එපා පරණ කණ්ඩායමට නැවත තරඟ කරන්න දෙන්න එපා. උගත් අයට පමණක් තරඟ කරන්න දෙන්න.
මෙතන පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාව විදියට අපි කවුරුත් සැපවාහන ගෙන්නනවට විරුද්ධයි. ඒත් "ෆැපරල්" කියන්නේ ඡන්ද අයිතීන් පිළිබඳ වගවිය යුතු සංවිධානයක් මිසක රජයක පරිපාලනය ගැන කතා කරන සංවිධානයක් නෙමෙයි. පළමුව ජනාධිපතිතුමා නිතරම ප්‍රකාශ කරන පරිදි රටේ හැමෝටම හොඳ විනයක් තිබිය යුතුයි. එහෙම නැතුව තැනගේ සීමාවෙන් පිටට ගොස් විවේචන කරමින් ගියහොත් ඔවුන්ටද අත්වන්නේ අර JVP කාරයින්ට පහුගිය ඡන්දෙදී වෙච්ච දේමයි.