ජයන්ත සමරකෝන්

එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්පත්කරුවන් අතරින් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලැබී නොමැති විභාග අපේක්ෂකයින් සඳහා වලංගු අනන්‍යතා පත්‍ර 65,000 ක් මේ වන විට නිකුත් කර ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.

තවත් වලංගු අනන්‍යතා පත්‍ර 10,000 ක් අදත් (20) හෙටත් (21) නිකුත් කරන බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා අද (19) පැවසීය.

පුද්ගල ඡායාරූපය සහිතව ජාතික හැඳුනුම්පතේ දත්ත ඇතුළත් කර බලයලත් නිලධාරියකුගේ අත්සන සහිතව නිකුත් කර ඇති මෙම අනන්‍යතා පත්‍රය විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනටමත් පිළිගෙන ඇතැයි ද ඒ මහතා කීය.