(මහින්ද නිශ්ශංක සහ නිමල කොඩිතුවක්කු)
සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ලබන 1 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය කටයුතු ආරම්භ කරවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව කාර්යාල දුම්රිය වාර 152ක් පමණ ධාවනයේ යෙදවීමට කටයුතුයොදා ඇතැයි එ සාමාන්‍යාධිකාරි ජයසුන්දර මහතා කියයි.
මහනුවර,බෙලිඅත්ත,මාතර,ගාල්ල, මහව, කුරුණෑගල, රඹුක්කන, පුත්තලම සිටි මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතය.
COMMENTS
බෙලි අත්ත, මහනුවර මාතර වැනි කිලෝමීටර් සිය ගණන් දුර සිට එන කාර්යාල සේවකයින් කරන්නේ කුමක්ද? උදේ 3.00 ට විතර පටන්ගන්න ජීවිතය අවසන් කරන්නේ රාත්‍රි 9.00ට අඩුමිල වාර ප්‍රවේශ පත් නිසා මේ දේ සිදුවනවා .මේකෙන් දුම්රියත් පාඩු විඳිනවා... රජයත් පාඩු විදිනවා සේවකයටත් ජීවිතයක් නැහැ..ඒ නිසා විවිධ වාසි නිසා කොළඹට ආකර්ශනය වුණු අයත් රජයේ අනම්‍ය ප්‍රතිපත්ති නිසා කොළඹට කොටුවුන අයටත් කෙසේ හෝ කොළඹ ඉන්න හදන අයටත් විසඳුම් දී ඔවුන් ගම් පළාත්වල රඳවාගැනීමටත් ඔවුන්ට කොළඹ නේවාසික පහසුකම් දීම වැනි ක්‍රියාවලියක් මගිනුත් මෙම තත්වය දුරුකළ යුතුයි... මුල් කාලයේ දුම්රිය වාර ප්‍රවේශ පත් සීමිත සැතපුම් ගණනකට පමණක් දී තිබුණා. මේ යන ක්‍රමයට දුම්රිය විවිධ ආයතනවලට නාමික අයකිරීමකට මගීන් ගෙන ඒම පමණක් කළොත් පවතින තත්වය අනුව වැඩි කලක් යන්න බැරිවෙනවා...