(කාංචන කුමාර ආරියදාස)
සේනා දළඹු ව්‍යාප්තිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ගත් සමඟ නතර වී ඇතැයි උදම් අනන බවත් එහෙත් කිසිදු ආකාරයකින් සේනා දළඹුවා මර්දනය වී නොමැති බවත් මීට වඩා විශාල ගුණයකින් දළඹු ප්‍රහාරයකට රටම ලක්විය හැකි බව පරිසරවේදී තිලක් කන්දේගම මහතා පැවසීය.
පරිසරවේදී තිලක් කන්දේගම මහතා මේ බව සඳහන් කළේ නාවුල සොබාදහම් ගොවිපලේදී මාධ්‍යවේදීන් හමුවේය.
මෙම කාලවකවානුව දළඹුවන් සළඹුවන් සමනලයන් ආදී බොහෝ දෙනෙක් නිසලව ඊළඟ ප්‍රහාරයකට සූදානම් වන කාල වකවානුවක් බවත් එසේ නොවන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මර්දනය කිරීමේ දක්ෂතාවය නොවන බව සඳහන් කළේය.
එමෙන්ම වෙනත් වෙනත් ප්‍රසිද්ධ මාතෘකා සමාජයේ කතා බහට ලක්වීමත් ආශීර්වාදයට ගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සේනා මාතෘකාව මදකට අතහැර දැමීම බරපතල ප්‍රශ්නයක් බව හෙතෙම අවධාරණය කළේය.
වැඩිදුරටත් මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිලක් කන්දේගම මහතා මෙසේද පැවසීය.
" කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වරද්දගත්ත තැන තමයි කවදාවත් ඒ අයට තේරුම් ගන්න බැරි වුණ තැන තමයි කෘමීන්ට කාලයක් තියෙන විත්තිය. හොඳම උදාහරණය තමයි ගැමි වහරින් කියන සිරිපාදේ යන සමනල්ලු, එයාලා මාස 12 එම සිරිපාදේ යන්නේ නෑ. ඒ වගේ හැම කෘමියටම කාලයක් තියෙනවා එම කාලය තමයි මැයි මාසයත් වෙසක් මාසය නොවැම්බර් මාසය මෙම පණු විශේෂය සැඟවිලා ඉදලා එක වැරම අධික වේගයකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ දළඹුවන්ගේ පසු ගැසිල්ල මීට වඩා විශාල වශයෙන් වර්ධනයකින්. මේ පසු බැසිල් ලත් සමඟ ගොවියනුත් හිතාගෙන ඉන්නවා මේක ඉවරයි කියල හැබැයි මේ අයත් එයාලටම රුචි බෝග වගා කරන්න පටන් ගනීවි."
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘සේනා’ මර්දනය වී නැති බව කියයි