IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


සේනා දළඹු විශේෂය මඬින්න මිලියන 50 ක්

(නාලක සංජීව දහනායක)
 
සේනා නැමැති ආක‍්‍රමණික දළඹු විශේෂය මර්දනය සඳහා අවශ්‍ය කෘමිනාශක වර්ග මිළදී ගැනීම සඳහා රුපියල් මිලියන පනහක මුදලක් වෙන්කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

එමෙන්ම මෙම දළඹුවන් මර්දනය සඳහා කෘමිනාශක වර්ග හතරක් හඳුන්වාදී තිබෙන අතර දළඹුවන් බෝකරනු ලබන සලබයන් අල්ලාගැනීම සඳහා විශේෂිත උගුලක් ද හඳුන්වා දී තිබෙන බවද අමාත්‍යංශය සඳහන් කරයි.

මේ වනවිට ඩ්‍රෝන තාක්‍ෂණය යොදාගනිමින් කෘමිනාශක ඉසීම අත්හදා බලා ඇති අතර එය සාර්ථක වන ලකුණු පහළවී තිබෙන බවද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (7)

සේනා දළඹු විශේෂය මඬින්න මිලියන 50 ක්

පිටිගල මිලානෝ Monday, 07 January 2019 12:06 PM

මෙවන් සත්ත්ව විශේෂ රට තුළට පැමිණීම යනු රේගුව තමන් සතු කාර්යය හරියාකාරව නොකිරීමයි. එයට දැන් අපි මහජන මුදල් වැය කළ යුතුයි. අපූරු රටක්...!

:       6       57

BamunuarachchiMonday, 07 January 2019 02:17 PM

ඔව් ඉතින් රේගුවට, රටට එන මිනිසුන්ගේ ඇඳුම් ගලවලා බලන්නත් වේවි!!! කළ යුතු තැන්වල එහෙමත් කරනවා නැතුවාද නොවේ.

:       36       5

ROSHAN Monday, 07 January 2019 03:35 PM

ගුවන් තොටුපලේ ඉන්න රේගුවේ කට්ටිය මම ලංකාවට එනකොට 4දෙනා බැගින් මුළු දෙකකට වෙලා මිනිස්සු දිහා බලාගෙන ඉන්නවා. රටේ මිනිසුන්ගේ බදු මුදල්වලින් පඩි අරගෙන මුල්ලට වෙලා ඇට ගනිනවද කියලා අහන්න හදලා නිකන් හිටියා...

:       4       2

BamunuarachchiMonday, 07 January 2019 05:41 PM

එහෙමද ඒ බලා ඉන්න නිලදාරීන් ගැන හිතන්නේ ? ඔබට ලොකු වැරදීමක්. ගහක අත්තක ඉඳන් වතුර දිහා බලාගෙන පිළිහුඩුවා ගැන හිතන විදිහට හිතන්න. එහෙම බලාගෙන ඉඳලා පාත් උනොත් එකෙක් අල්ලලා.

:       1       2

Sunil gikiyanage Monday, 07 January 2019 10:17 PM

ඇෆ්රිකන් රටවල වේලපු දළඹුවෝ හොද කෑමක් එකතු කරලා රට යවමු අඩුම ටරමේ අපිට කරන්න බැරිනම් ඇෆ්රිකන් කොම්පැනි එහෙකට එන්න කියලා නොමිලේ අරගෙන යන්න කියන්න

:       0       0

sarath Tuesday, 08 January 2019 01:36 AM

මිලියන 50 බෙහෙත් තෙල් සමාගමට, මේ රජයෙන් කරන වියදම ,ගොවියන් කරන වියදම ? තෙල් සමාගම් දිනුම්. අවශ්‍යතාව වන්නේ මෙවැනි සතුන් ජාන තාක්ෂණයෙන් පරිසරයට ඉදිරිපත් කරන, සමාගම් සෙවීම සඳහා CID සහය ලබාගැනීම. යුද්ධයෙන් පසු මේ රට සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය වෙළෙඳුන්ගේ සහ බෙහෙත් ද්‍රව්‍ය වෙළෙඳුන්ගේ ග්‍රහණයට පත්වෙමින් තිබෙනවා.

:       1       2

කල්පනා Tuesday, 08 January 2019 07:27 AM

පසුගිය දිනක රූපවාහිණී ප්‍රවෘත්තියකින් කියවුනා මෙම දළඹු විශේෂය 2016 දී පිට රටකදී පලමුව සොයාගත්තා කියලා. දෙවැනි අවුරුද්දේ අපේ රටට ඇවිල්ලා. මෙය පිටරටින් බඩ ඉරිඟු වැනිදේ ගෙන්වන අයගේ වැඩක්ද බලන්න. එහෙම නැත්නම් විදේශ පුහුණුවට ගිය අයගේ වැඩක්ද බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28346 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18191 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10885 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 672 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 199 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 855 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site