IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණයක්

(අජන්ත කුමාර අගලකඩ)
 
පාර්ලිමේන්තුවේදී අද(12) පස්වරුවේ පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේදී අයවැයට විරුද්ධව ඡන්දය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
 
සමස්ත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළද හෙට (13) දිනයේදී ජනාධිපති වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය දීමට සන්ධාන මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
 
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා පැවසීය.



අදහස් (16)

සන්ධානය අයවැයට විරුද්ධව ඡන්දය දීමට තීරණයක්

Nandalal DE SILVA - France Tuesday, 12 March 2019 07:52 AM

තවමත් මේ විරුද්ධ පක්ෂ රංචුව වලිකන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් මේ රජය පෙරලා දැමීමට බව යලිත් වරක් සනාථ කර තිබෙනවා. කලින් ඔවුන් කිවුවා "අර පෝයට පෙර, මේ පෝයට පෙර" රජය පෙරලනවා කියා...පෝයවල් කිහිපයක් ගිය නමුත් රජය සිය කටයුතු නියමෙට කරගෙන යනවා. ඊට පස්සේ ඔක්තෝබර් කුමන්ත්‍රණයෙන් එය කිරීමට ගොස් පස්ස බිම එන ගත්තා! "දින 52 තාවකාලික අගමැති" ඉන්පසුව කිවුවා එන පළමු තත්පරයෙදීම යලිත් වරක් බලයට ඒමට පුළුවන් හැම දෙයක්ම කරනවා කියල. මහා මැතිවරණය සහ ජනපතිවරණය කට ළඟ තබාගෙන නැවතත් දුම්මල වරම ගත් යක්දෙස්සන් වගේ උඩ පනිනවා රජය පෙරලා බලයට එන්න. මැතිවරණ එන තුරු ඉවසන්න බැරි මොකොද?

:       387       1146

Nissanka Tuesday, 12 March 2019 08:00 AM

ජනාධිපති වැය ශිර්ෂයටත් විරුද්වධ ඡන්දෙ දෙනවද?

:       33       108

sujeewa Tuesday, 12 March 2019 08:14 AM

අද මාධ්‍ය වල තිබුනා අය වැයට විරුද්ධවත් ජනාදිපති වැය ශීර්ෂයට පක්ෂවත් ඡන්දය දෙනවා කියල. එක එහෙම නම් මුළු අය වැයම වැරදි එකක් වෙලා ජනාධිපති වැය ශීර්ෂය විතරක් හරි වෙන්නේ කොහොමද. මේගොල්ලන්ට ප්‍රතිපත්තියක් ඇත්තෙම නැත.

:       137       675

NishanthaTuesday, 12 March 2019 08:37 AM

මෙයාලට රට හදන්න ඕනේ නැහැ. මෙයාලට ඕන ඒගොල්ලන්ට එක දාගන්න වැඩ කරන්න.

:       2       73

SRI LANKIKATuesday, 12 March 2019 08:56 AM

මෙය තමය මේ අයගේ දේශපාලන ක්‍රමය. එකග වෙන්නයි විරුද්ධ වෙන්නයි, එකම අවශ්‍යතාවය තමන්ට වාසිද අවාසිද කියලා විතරයි බලන්නේ.

:       2       94

sandy123Tuesday, 12 March 2019 08:56 AM

දේශපාලකයින්ට ප්‍රතිපත්තියක් ඇත්තෙම නැහැ. ප්‍රතිපත්තියක් තියන උදවිය දේශපාලනයට එන්නෙත් නැහැ.

:       2       106

de silva berlin Tuesday, 12 March 2019 08:26 AM

රටක විපක්ෂයේ වගකීම අයවැයේ සාමාන්‍ය ජනතාවට අසාධාරණයක් වෙන කොටස් පෙන්වා දීල අයවැය හරි මගට ගැනීම මිසක් , තම දේශපාලන බලය රැක ගැනීමට අයවය භාවිත කිරීම නොවේ , මෙවැනි ක්‍රියා නිසා රටේ ආර්ථිකයට වන විනාශය ගැනමොවුන්ට කිසිම තැකීමක් නොමැත

:       23       148

raviTuesday, 12 March 2019 09:58 AM

ඉදිරිපත්කරලා තිබෙන අය-වැය ඉතාමත් සාර්ථකයි ... ඒ නිසා තමයි දැන් විපක්ෂය තක්කු මුක්කු වෙලා දඟලන්නේ .. පොහොට්ටුවේ ගමරාලලට අමුඩ ගෙඩිය ගැලවෙන්න දීපු , මංගල අය වැයක් .. !

:       84       210

kanjipana Tuesday, 12 March 2019 08:58 AM

එක්සත් ජනතා සන්ධානය තියෙන්නේ කොහෙද ඒකට ඡන්ද කීයක් විතර තියෙනවද කියන්න පුලුවන්ද ?

:       3       25

smn Tuesday, 12 March 2019 09:35 AM

මෙයාට ඕන නිතරම මූණත්තට්ටුව ප්‍රදර්ශනය කරමින් තමා මහ ලොකු චණ්ඩියෙක් කියලා ජනතාවට පෙන්වගන්න…... ඔක්තෝබර 26 කුමන්ත්‍රණය දවස්වල ශ්‍රීලනිපයට පයින් ගහලා හනික ගොහින් පොහොට්ටුවේ සාමාජිකත්වයත් ලබා ගත්තෙ මහින්ද මහත්තයගෙන් ඇමැති කට්ටක් ලබා ගන්න කියලා…. වැඩේ අංජ බජල් වෙලා ගියා නේ.

:       3       215

saliya Tuesday, 12 March 2019 09:37 AM

අයවැය හොඳ නැති මුත් ජනපති දැන් හොඳය. ජනතාවට හිතකර එකම දෙය ජනපති ට මුදල් වෙන් කිරීම පමණි . තර්කය වැටහේ . ජනපතිටත් ඔබලාටත් ජයම වේවා . අපිට කෙල වුනාට කමක් නැත.

:       10       36

chamath Tuesday, 12 March 2019 09:53 AM

ඉතාමත් හොද තීරණයක්

:       115       57

chamath Tuesday, 12 March 2019 09:55 AM

මේ අය වැය දුප්පතාට කරපු කිසිම සහනයක් නෑ

:       1       150

prabha Tuesday, 12 March 2019 11:52 AM

දැන් මේ අය අයවැයට විරුද්ද වෙන්නේ අය වැය ජනතා හිතවාදී නොවෙන නිසාද එහෙමත් නැත්නම් බලයට පත්වෙලා හොරාකන්න තියෙන හදිස්සියටද ?

:       0       9

pythagoras Tuesday, 12 March 2019 12:11 PM

සන්ධානෙ තීරණය ගැන කතා කළ යුත්තේ සන්ධානයේ උදවිය නේද? මේ කවුද?

:       0       2

සිරිබිරිස් Tuesday, 12 March 2019 12:18 PM

1970 කාලයේ ඉන්දියාව හා පකිස්තානය අතර පැවති යුද්ධයේදී නැගෙනහිර පකිස්තානය ලෙස එතෙක් තිබුන පකිස්තානයේ කොටසක් යුද්ධයෙන් පසුව (1970 දී) නැගෙනහිර පකිස්තානය ලෙස වෙනම රාජ්‍යයක් වුනා. වර්තමානය වනවිට කොතෙක් ස්භාවික ආපදා කෙතෙක් තිබුනත් මේ වන විට ආසියාවේ සීග්‍ර සංවර්ධනයක් සිදුවන රට බවට පත්වෙලා. අපි නිදහස් රටක් වෙලා අවුරුදු 71 ක් පසුකර සිටියත් මොවුන් වැනි අය සිටිනතුරු 1948 සිටම කිවූ ලෙස තවත් අවුරුදු සියයක්වත් අපි ආසියාවේ සංවර්ධනය වෙමින් සිටින රටක් යැයි කියමු

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site