(ඔගස්ටින් ප්‍රනාන්දු)
සැකසහිත ලෙස හලාවත සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන නිවාඩු නිකේතනයක ලැගුම් ගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි .
සැකකරුවන් අතර පිරිමි පුද්ගලයෝ 11 දෙනෙක් ද කාන්තාවන් දෙදෙනක් සිටිති. ඔවුහු වයස අවුරුදු 22 ත් 40 ත් අතර වයස්වල පසුවන යාපන, පලෙයි, කිලිනොච්චිය සහ මඩකලපුව ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.
පුද්ගලයින් පිරිසක් මෙම නිවාඩු නිකේතනයෙහි ලැගුම් ගෙන සිටි බවට ලද තොරතුරක් අනුව හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එම නිවාඩු නිකේතනය වෙත ගොස් පරික්ෂා කළ අවස්ථාවේ දී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පිරිස තැරැව්කරුවකු මගින් නිති විරෝධි ලෙසින් මිනිසුන් රැකියා සඳහා ඕස්ට්‍රේලියාව කරා මුහුදු මාර්ගයෙන් බෝට්ටුවලින් යාමට පැමිණ බෝට්ටුව පැමිණෙන තෙක් මෙහි ලැගුම් ගෙන සිටි බවට සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන කෙනෙක්ට යන්න දෙන්න.
අහවල් නාලිකා වල අද හවසට කියාවී යාපනේ සිට පැමිණි කොටි සැකකරුවන් 13 අත් අඩංගුවට ගත්ත කියලා.
අනේ මේ අයට යන තැනකට යන්න දෙන්න. ලංකාවේ ඉඳලා හිඟා කන්නද කියන්නේ ?
මම හිතන්නේ මේ ගමන සැලසුම්කර කෙනාම පොලිසියට ඔත්තුව දෙන්න ඇති. මේක සැලසුම් කරපු දෙයක් වෙන්න පුළුවන්. අර මිනිසුන්ගෙන් සල්ලි අරගෙන එයාම පොලිසියට කියනවා ඇති. ඊට පස්සේ අර මිනිස්සුන්ට කියනවා ඇති කරන්න දෙයක් නෑ පොලීසියට අහුවුනේ නැත්නම් බෝට්ටුවෙන් යවන්න තිබුනා කියලා. හොයලා බැලුවොත් හොදයි.