(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කිරීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 17 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය.
එම පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 13 වැනි දින අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙලෙස බන්ධනාගාර ගතකරඇත්තේ අතුල සංජීව මදනායක සහ සරත් කුමාර යන අයයි.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
කුම්බලා මාළු කෑවනම් විඳවපන් බල්ලෝ කිව්වලු.
රාජිතගේ නාටක ඔක්කොටෝම එකපාර රාජ්‍ය සම්මාන ලැබෙන්න වගේ යන්නේ. විය යුත්ත වෙමින් පවතී. මේවගේ සිල්ලර කුලී කාරයන් විතරක් නෙවෙයි. මේවට සම්බන්ධ මහාඑවුන් ටිකත් නීතිය ඉස්සරහට රැගෙන ආ යුතුයි.
මට තේරුම් ගන්න බැරි කෙලින් වැඩකරන බව පෙන්නුම් කරන / පෙන්නුම් කල නීතිපතිවරයෙකුත් ඉන්දැද්දී ඇයි රාජිත වගේ උදවියගෙන් ප්‍රශ්න කරන්නවත් පියවර නොගන්නේ? ස්විස් සිද්ධියෙනුත් මේ පුද්ගලයා රටට මඩ ගහන්න උත්සාහ කළා. රටක රජ විය යුත්තේ පුද්ගලයන් නොව නීතියයි.
එතකොට මේ අහිංසකයෝ දෙන්නා විතරයි රිමාන්ඩ් වෙන්නේ.. සජිත්ට මොකද වෙන්නේ?
රාජිත සේනාරත්නව ඉක්මණින් අත්අඩංගුවට ගතයුතුයි.
ඇයි මූණ වහගෙන ඉන්නේ ? රාජිතගේ දෙපැත්තෙන් ඉඳන් සුදුවෑන් කතාව කියනකොටත් මුහුණ වහගෙනද හිටියේ ? වැඩිකල් නොගොස් රාජිතත් එකතු වේවි.
කිසි කෙනෙකුට නිදහසක් දෙන්න එපා. නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න.
රැවුලත් නැහැ.. කැඳත් නැහැ.. අනේ පව්...!!!
ශාන්, කොහොමද මේ දෙන්නට අහිංසක කෑල්ල දැම්මේ?