( තිලකරත්න දිසානායක)

පාරිභෝගික සේවා අධිකාරියෙහි ලියා පදිංචි නොකොට සීදූව ප්‍රදේශයේ ගබඩා දෙකක තිබූ සීනි කිලෝ හය ලක්ෂ පනස්පන් දහසක් අද සවස පාරිභෝගික සේවා අධිකාරිය බාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ගබඩා දෙක පරීක්ෂාවට ලක් කළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ගබඩා කළමණාකරුවන් දෙදෙනකු සමග සීනි තොගය නිලධාරීන් බාරයට ගෙන ඇත.

ගබඩා දෙකට මුද්‍රා තැබීමට නිලධාරීන් පියවර ගෙන ඇත.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා ඇතුලූ නිලධාරීන් පිරිසක් මෙම වැටලීම් සිදු කොට තිබේ.