IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සුදුලූණු කන්ටේනර් විකිණීමට ආධාර දුන් දෙදෙනා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ලංකා සතොස ආයතනයට අයත් රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදුලූණු කිලෝග්‍රෑම් 54,860- ක් සහිත කන්ටේනර් දෙකක් විකිණීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවන් දෙදෙනා ලබන 05 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (01) නියෝග කළේය.

මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කළේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කමල් කුමාර සහ වේලායුදම් ශ්‍රීධරන් නැමැති තැරැව්කරුවන් දෙදෙනෙකි.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණය අද (01) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

මෙම මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධිකරණ අංශයේ උප පොලිස් පරික්ෂක සරත් කුමාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශනය අපරාධ පරිකෂණ දෙපාර්ත්මේන්තුවට භාර දෙන ලෙසට පොලිස්පතිවරයා නියම කර ඇති බවය.

ඒ අනුව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වගන්තිය ප්‍රකාරව මෙම සිද්ධියට අදාළ විමර්ශනයේ උදෘත සහිත ගොනුව අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුවට භාරදෙනු ලබන බව පැලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලට අනුව තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බව ද මෙහිදී පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදු`ථණූ කිලෝ 54,860- ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාපරාධී විශ්වාසය කඩ කළැයි ලංකා සතොස මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) සුසිර පෙරේරා මහතා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරීමෙන් පසු රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට අධිකරණය නියෝග කර තිබිණී.



අදහස් (5)

සුදුලූණු කන්ටේනර් විකිණීමට ආධාර දුන් දෙදෙනා රිමාන්ඩ්

සෙනෙවිරත්න Saturday, 02 October 2021 12:03 AM

ඔය ලූණු පටවපු බාපු අය, මුදල් ගණන් කරපු අය එහෙමත් අත්අඩංගුවට ගන්න, සල්ලි දීපු අය නම් ගන්න එපා, ඒ අය අහිංසකයි.

:       0       1

Perera Saturday, 02 October 2021 12:32 AM

ඔය හාල් මැස්සෝ දෙන්නෙක්. තෝරව මෝරාව අල්ලන්න

:       0       3

Royfedricks Saturday, 02 October 2021 02:08 AM

එතකොට අනිත් කෙනා කවුද?

:       0       1

sam Saturday, 02 October 2021 05:31 AM

මාර වැඩක්නේ, තැරැව්කරුවන් දෙදෙනා අත්අඩංගුවේ.මේකට සම්බන්ද මහා මොළකරුවන් දෙන්නා නිදැල්ලේ

:       0       5

gamaathi Saturday, 02 October 2021 09:00 AM

මේවයෙ මහ මොළ මොළකරුවන් සොයාගන්නා තුරු මෙවැනි සොරකම් සිදුවීම අනාගතයේ ද වළක්වන්න බැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site