IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සාදයක් අතරතුරදී ඇති වූ ගැටුමකින් අයෙක් මරුට

(පාලිත නානායක්කාර )
 
ඇදිරි නීතිය පැවතිය දී හල්දුම්මුල්ල  මාල දොල  ගංගාවක් අසළ බීමත්ව සාදයක් පැවැත්වූ  දෙපිරිසක් අතර  ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි.
 
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල වෑඑළිය පදිංචිව සිටී මුත්තයියා විජය කුමාර නොහොත් රාජා නමැති  හතලිස්  දෙක හැවිරිදි  තිදරු පියෙකු බව පොලිසිය කියයි .
 
අට දෙනෙකු පමණ  එක් වී මාලදොල  ගංගාවක් අසළ ඊයේ (27) රාත්‍රී බීමත්ව සාදයක් පවත්වා ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වූ පහරදීමකින් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති බවට තොරතුරු අනාවරණය වන බව හල්දුම්මුල්ල පොලීසිය කියයි .
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට  පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැඟවී ඇති පුද්ගලයකු  අත්අඩංගුවට  ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බවද පොලිසිය කියයි .
 
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ. 



අදහස් (2)

සාදයක් අතරතුරදී ඇති වූ ගැටුමකින් අයෙක් මරුට

තිතට මත Tuesday, 28 April 2020 03:38 AM

අරක්කු විකුණලා ලැබෙන බදුවලින් රට දුවන්න හදන මරි මෝඩ කුහක දේශපාලකයෝ ඉන්න රටක මෙයිට වැඩිය මොනවා බලාපොරොත්තු වෙන්නද ? මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. තව බාර් ඇරලා ඉස්කෝලේ 10 ඉඳලා කොල්ලන්ට බොන්න පුරුදු කරපල්ලා...

:       3       238

RaveendraTuesday, 28 April 2020 04:45 AM

සහතික ඇත්ත. මෙම පාපකර්ම පිදේනි තට්ටුවට දියවන්නාවේ මිහරකුන් 225 ම අඩු වැඩි නැතිව තම තමන්ගේ අසුචි තැවරුණු අත් යහමින් ගසා ඇත. එකෙකුටවත් අනේ මම නම් ගිනිවතුර බලපත්‍ර ගත්තෙත් නැහැ දුන්නෙත් නැහැ කීමට නොහැක. එලෙසම කෙනෙකුගේ ජීවිතය නැතිවෙනවාට අප පුද්ගලිකව අකමැතිය. එනමුත් මේ සියල්ලම එම ගැටුම හේතුවෙන්ම මිය පරලොව ගියා නම් සමාජයට සෙතකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site