(සුජිත් හේවාජුලිගේ )
තවත් සතියක් දෙකක් යනතුරු කොවිඩ් මරණ වැඩියෙන් වාර්තා වනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.
පෙර වයිරසයට සාපේක්ෂව නව වයිරසයෙන් මරණ සිදුවීම සියයට 55 කින් පමණ වැඩි යැයිද ඇය සඳහන් කළාය.
සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කර සති දෙක ගත වූවාට පසු මරණ වාර්තා වන තත්වයක් පෙනෙන්නට තිබෙන බව පැවසූ රාජ්‍ය ඇමතිවරිය මරණ වැඩියෙන් වාර්තාවීම තව සති කීපයකින් පසු අඩු විය හැකි යැයි ද කීවාය.
මේ අතර කොවිඩ් පැතිරී ඇති ප්‍රදේශ අවශ්‍යතාව මත කොවිඩ් මර්දන කමිටු සභාපතිවරයා සමග එකතුවී හුදෙකලා කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ඇතැයිද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.