(මුදිතා දයානන්ද)
සතොස ගබඩාවල තිබූ සහල් කිලෝ 410,484 ක් සත්ත්ව ආහාරවලට වෙන් කිරීමට සිදුව ඇතැයි සතොස ආයතනයේ ප්‍රධානියෙකු පැවසීය.
මෙසේ සත්ත්ව ආහාරවලට යොමු කරන ලද සහල් අතර ආනයනික සහල් කිලෝ 388,484ක් හා දේශීය සහල් කිලෝ 22,000 ක් පවතින බවද ඔහු පැවසීය.
මෙසේ සත්ත්ව ආහාරවලට යොමුකර තිබෙන්නේ 2017 හා 2018 වසරවලදී ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 110,000ක් අතරින් බෙදාහැරීම් නොකර ගබඩාවල ඉතිරි වු සහල් බවද එම නිලධාරියා පැවසීය.
ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍යවරුන් පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙම සහල් සත්ත්ව අහාර ලෙස නිකුත් කිරීමට තීරණය කළ බවද ඔහු පැවසීය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුලු කණ්ඩායමක් වීරවිල, හිගුරක්ගොඩ හා කොළඹ මැක්ලම් වීදියේ සතොස ගබඩා පරීක්ෂා කළ අවස්ථාවලදී එම ගබඩාවල තිබී සත්ත්ව ආහාරවලට වෙන් කළ සහල් කිලෝ 54,25,000ක් සොයාගත් බවද පසුගිය දා වාර්තා විය.
වීරවිල සතොස ගබඩාවෙන් සහල් කිලෝ ලක්ෂ 50 ක්, හිඟුරක්ගොඩ ගබඩාවෙන් කිලෝ 406,000ක් හා මැක්ලම් වීදීයේ ගබඩාවෙන් කිලෝ 10,000 ක් වන පරිදිය.
හිඟුරක්ගොඩ ගබඩාවේ සත්ත්ව ආහාරවලට වෙන්කළ සහල් කිලෝ 56,000 ක් කල් ඉකුත් වීමට මාස දෙකකට පෙර මෙලෙස සත්ත්ව ආහාරවලට වෙන්කර තිබූ බවද මැක්ලම් වීදීයේ ගබඩාවේ තිබූ සහල් කිලෝ 19739 ක් සත්ත්ව ආහාරවලට වත් භාවිතා කළ නොහැකි තරමට කල් ඉකුත්ව තිබීම හේතුවෙන් මාළිගාවත්තේ වළ දැමීමට එහි නිලධාරීන් කටයුතු කර තිබූ බවද පසුගියදා වාර්තා විය.
පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා සහල් ආනයනය කිරිම සම්බන්ධයෙන් පරීක්ෂනයක් සිදුකරන්නේ දැයි අප කළ විමසීමකදි අභ්‍යන්තර වෙළඳ , ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යංශ ලේකම් ජී.කේ. එස්. එල්. රාජදාස මහතා මෙසේ පැවසීය.
‘‘රටේ සහල් සිඟයක් ඇති වන බවට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් වගකීම දරණ ඇමතිවරයා සහල් ආනයනය කිරීමට පෙළඹෙනවා. සහල් හිගයක් නැතිව රටට සැපයීම ඔහුගේ වගකීමක්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඒවා ලංකාවට එනකොට මෙහේ අස්වනු කපලා.
අපේ රටේ වැඩි දෙනෙක් විදේශීය සහල්වලට වඩා දේශීය සහල්වලටයි කැමති. ඒ නිසා තමයි මේ සහල් අලෙවිය අඩුවෙන්නේ. ඒවා වසර කීපයක් ගබඩාවල තිබුණාම භාවිතයට ගන්න බැරිව සත්ත්ව ආහාරවලට වෙන්කරන්න සිදුවෙනවා.‘‘
COMMENTS
මේකටත් කමිටුවක් පත් කරල කල් මරන්න...
රාජදාස ලේකම්තුමෝ, බයිලා කියන්න එපා. මිල වැඩි නම්, අවම වශයෙන් මේ සහල් ප්‍රමාණය, කල් පනින්න කලින් නොමිලේ දුප්පතුන්ට දුන්නා නම් ඒවා, වලදාන්න හෝ සතුන්ට දෙන්න අවශ්‍යතාවයක් නෑ නේද? රට බංකොලොත් කළා මදිවට බයිලත් කියනවා.
විදුලි කොටන්න එපැයි මේ කරන අපරාදෙට...
වහාම සභාපතිගේ වැඩ තහනම් කරන්න.
දැන් මේ විනාශයට වගකියන්න ඕනේ අහිංසක බදුගෙවන මහජනතාවද? නැත්නම් හිටපු " ඇමති, නියෝජ්‍ය ඇමති හා උගත් යයි කියාගන්නා එහි නූගත් උසස් නිලධාරීන් නොවේද?" එලෙසම දැන් නිදහස කරුණු කප්පරක් කියයි. රටටත් වැඩක් නැති, තමන්ටත් වැඩක් නැති මේ අය.. මේ කෙරුවා වූ පාපකර්මයට මෙලොවදීම උත්තර ලැබෙනු ඇත.
දැන් මේවා ගෙන්නපු හිටපු ඇමති තවම ලංකාවේ ඉන්නවා නේද? එයාවත් සත්තුන්ට කන්න දෙන්න.
බොහොම සරල හා පහසු උත්තරයක් ලේකම්ගෙන්. සාමාන්‍ය මිනිහෙක් අතින් පොඩි වරදක් වුණා නම් කොහොමද නීතිය? පහුගිය කාලේ හාල්මිල තව ටිකක් අඩුකරලා දුන්නා නම් අද මේ ටික විකිණිලා. අනික මේ හාල් සත්ව ආහාර වලටම වෙන්කරයිද...? මේවට කරන්නේ වී මෝල්වලට ගෙනියලා හාල් පොලිෂ් කරන මැෂින් එකට දාලා නැවත මිනිස්සුන්ට කන්නම අලුතින් බෑග්, ලේබල් ගහලා එවන එක.... අපි නොදන්නා මොනරතැන්න..
මේවා කන්න දීලා කට්ටිය පාර්ලිමේන්තුව වර්ජනය කරයිද? මීට කලින් මේවා කන්න දුන්නේ ජනතාවට නොදන්නාකමට මුදලක් දීලා කෑවා. දැනුයි මතක් වුනේ මේවා. සත්තුන්ට දෙන්න. ගුල්ලොත් එක්ක කිරිබත් හදලා දෙන්න
හිතට එන දේවල් දැම්මොත් ඒවා පල වෙන්නේ නෑ... මොන පුද්ගලයා කරත් මේවා සහගහන අපරාධ. ජනතාවගේ මුදල් දියවන්නාවේ බලවතුන් වසර 70ක්ම මේ විදිහට විනාශ කරා.. කාට කියන්නද මේ දුක..?
නාමල් කරුණාරත්නට විකාර...!!! මේ හාල් අපරාදෙනේ සත්තුන්ට දෙන්නේ.. මේ අය තමයි මේ හැම දේකටම ඇඟිලි ගහන්නේ...
"රටේ සහල් හිඟයක් ඇතිවන බවට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් වගකීම දරණ ඇමතිවරයා සහල් ආනයනය කිරීමට පෙළඹෙනවා. සහල් හිඟයක් නැතිව රටට සැපයීම ඔහුගේ වගකීමක්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ ඒවා ලංකාවට එනකොට මෙහේ අස්වනු කපලා. අපේ රටේ වැඩි දෙනෙක් විදේශීය සහල්වලට වඩා දේශීය සහල්වලටයි කැමති. ඒ නිසා තමයි මේ සහල් අලෙවිය අඩුවෙන්නේ. ඒවා වසර කීපයක් ගබඩාවල තිබුණාම භාවිතයට ගන්න බැරිව සත්ව ආහාරවලට වෙන්කරන්න සිදුවෙනවා." මේ වගේ බයිලා ගහන රාජ්‍ය නිලධාරීන් කිසිම තනතුරකට සුදුසු නැත..මොවුන් පමණක් නොව මෙවැනි නිලධාරීන්ගේ කියුම් අසා නොමග යන ගොන් ඇමතිවරුන් රටෙන් පිටුවහල් කළ යුතුයි..
මහජන මුදල් විනාශ කරන නිලධාරීන්... මේ අයට ඔලුවක් නැතිද? එක්කෝ මේවා අඩු ගණනටවත් දුප්පත් මිනිස්සුන්ට දෙන්නට තිබ්බා..
ලේකම්ගේ කතාවෙන්ම පේන්නේ කිසිම සැලැස්මක් නැතිව වැඩ කර ඇති බව... මහජනතාවගේ මුදල් නැති නාස්ති කර ඇති බව... මෙතන බරපතල වංචාවක් සිදුව ඇති බව පේනවා. දේශපාලකයන් ඊට මැදිහත්ව ඇති... සමහරවිට සත්ව ආහාරවලට දෙන්න කලින් ඉඳන්ම ප්ලෑන් කරලත් ඇති... වහාම පරීක්ෂණ කරලා දැඩි දඬුවම් දෙන්න ඕනෑ කාටවුණත්...
ශ්‍රී ලංකා රජයේ දුර්වලම කළමනාකාරීත්වයක් තියෙන තැනක්..
හාල් හිඟයක් කියලා මිනිස්සුන්ට කන්නවත් නැතිව හාල්මිල අහස උසට ගියා... රජයේ ගබඩාවල හාල් හංගගෙන ඉඳලා කල් ඉකුත්වෙලා. තමන් සතුව ඇති සහල් තොග පිළිබඳවත් අවබෝධයක් නැති හරක්ද සතොසේ ඉන්නේ? රටේ සහල් හිඟයක් පවතින වෙලාවකවත් රජය සතු සහල් ගබඩා ගැන නොදන්න ඇමතිවරයා තොත්ත බබෙක්ද? හාල් මාෆියාවට ඇමතිවරයා ඇතුලු රජයත්, රජයේ ආයතනත් සම්බන්ධයි කියන එක නේද මේ ඔප්පු වෙන්නේ... ජනතා බදුමුදලින් යැපෙන පාඩු ලබන සතොස ජනතාවටම ද්‍රෝහිවෙලා...
සතොසේ වැඩකරාට ඔය අය කොමිස් ගන්නේ පුද්ගලික හාල් මෝල් කාරයින්ගෙන්... ඔවුන්ගේ කීමට කොමිස් අරන් සතොසේ හාල් හංගනවා. ඔවුන්ගේ හාල් සතොසේ විකුණනවා. මහජනතාවගේ මුදලින් ගේන හාල් පරණ කරනවා..
මෙලෙස කලමණාකරණය නොකර අදාල බලධාරි කටයුතු කිරීම සම්බන්ධ සියලු නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
මේ හාල් කොහෙන්හරි කරකවලා මිනිස්සුන්ටම කවාවි...
කිසිම කළමනාකරණයක් හරියට නැතිකම... කාට කියන්නද? මෙහෙම නාස්තියක්... හෙනගහන වැඩ...
ඔය කියන්නේ..., මේ ආහාරයට නුසුදුසු දේවල් සත්තුන්ට කන්න දීලා.. ඊට පස්සේ අපි මේ සත්තුන්ගේ කිරි, බිත්තර, මස්.. අපි ආහාරයට ගනිමු කියලා නේද..? ඇත්තටම මේ වගේ මොලයක් නැති කකුල්දෙකේ හරක් ඉන්න තවත් රටක් මේ ලෝකේ තියනවද..? පණ්ඩිතයන්, විශ්වවිද්‍යාලකාරයින්, උගත්තුන් එමටයි. එ්ත් හිතන්න, කල්පනාකරන්න ශක්තියක් තියන මොලයක් තියන එකෙක් නම්, අපි තාම දැකලා නැහැ.
නොවැම්බර් 16 ඉඳලා ආණ්ඩුව පොල් ගානවද? හොඳට තියෙන හාල් ටිකවත් බෙදලා දෙන්න තිබුණා. කල් ඉකුත් වෙන්න මාස දෙකක් තියෙන හාල් සත්ව ආහාර ලෙස වෙන්කරන කොට පාලකයින් බුදිද?
"මේ ආණ්ඩුවෙන් ඒ ගැන හොයලා ඇයි වගකිවයුත්තන්ට දඬුවම් නොකළේ? පාර්ලිමේන්තු මන්ත්‍රීකමක්වත් නැති නාමල් කරුණාරත්නලාට විතරද මේ ගැන කැක්කුමක් තියෙන්නේ? අපි පත්කරලා යවන අනිත් ජනතා නියෝජිතයන් නිදිද?" ඉස්කෝල කොල්ලෝ දෙන්නෙක් ගහ ගත්තාට දඬුවම් කරන විදිහටද දඬුවම් කරන්න කියන්නේ මැට්ටා ?
රටේ දැන් කෙරෙන සහ කරපු දේවල්වල හැටියට ඉන්නේ වැඩිපුර සත්තු කියලා තේරෙනවනේ. ඉතින් සත්ව ආහාර ගෙන්වන එකේ වරද මොකක්ද? ඔන්න ඔහේ බෙදලා දමන්න කියන්න...