(නිමන්ති රණසිංහ)
වී අලෙවි මණ්ලයෙන් මිලදී ගන්නා ලද වී මෙට්‍රක් ටොන් පනස් දහසක් සහල් බවට සකස් කර විකිණීමේදී සතොස විසින් වංචා සහගත ලෙස ව්‍යාපාරිකයින්ට එම වී ලබාදී නැවත වාසි මිලකට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වෙත අද (26) කරුණු වාර්තා කළේය.
සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සහ රජයේ ආයතනවල උසස් නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධ වී ඇති බවට සඳහන් කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණය දැනුම්වත් කර තිබිණී.
COMMENTS
මොන ආණ්ඩුවක් ආවත් දූෂණය එළිපිටම වෙනවා. ඒ දූශිතයන්ව අල්ලලා දඬුවම් දෙනවා කියලා බලයට එන හැම ආණ්ඩුවක්ම කියනවා හැබැයි අද වෙනකම් ඔය දශක ගානක් එක එක ආණ්ඩුවල හිටපු දූෂිතයන් පාර්ලිමේන්තුවේ ඉන්න බවක් මිසක් හිරේ ඇරපු වගක් පෙනෙන්නේ නැහැ.
වංචාව දූෂණය පිටු දකින තුරු මේ රට දියුණු කරන්න අමාරු
රිෂාඩ් පහුගිය කාලෙ කරපු වැරදි වලට අනිවාර්යයෙනම බන්ධනාගාර ගත විය යුතු අයෙක්. 2015 වෙනකම් සතොස ඉතා හොදින් ක්‍රියාත්මක වුනා. අපිත් සතුටින් සතොසේ බඩු ගත්තා. නමුත් එය පිරිහුනා. තත්ත්වයෙන් බාල බඩු පිරෙන්න ගත්තා. නැවතත් සතොස නැතිවෙන විදියටම වැඩ සිද්ධ වුනා.
මෙය පමණක් නොවේ. වංචාවට තවත් ක්‍රමයක් තිබේ. සහල් මෝල්කරුවන් සී.ඩබ්ලිව්.ඊ වෙනුවෙන් පීඑම්බී වෙතින් ලබා ගන්නා වඩා හොඳ තත්ත්වයේ වී ගබඩා කර වෙළඳපොලෙන් මිලදී ගන්නා දුර්වල තත්ත්වයේ සහල් සපයයි. සහල් මෝල් ඔවුන්ගේ වෙළඳ නාමය යටතේ වඩා හොඳ තත්ත්වයේ සහල් පී.එම්.බී වෙතින් ලබා ගනී. මෙවැනි වංචාවන් වළක්වා ගැනීම සඳහා රජය (පීඑම්බී) මෝල් ආරම්භ කර වෙළඳපොළට සහල් සැපයිය යුතුය. අනෙක් වංචාව වන්නේ PMB නිකුතුව සත්ව ආහාර ලෙස වඩා හොඳ තත්ත්වයේ වී ය.
දුම්රිය වෙනස්. පීළි එකයි. එබැවින් ගමනාන්තය සමානය.