IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු 4 කගේ වැඩතහනම්

(යොහාන් භාසුර)

සතොසට සතුව තිබූ රුපියල් ලක්‍ෂ 150 කට අධික වටිනාමින් යුත් සුදුළුණු කිලෝ 56,000 ක් නීතිවිරෝධී ලෙස වෙනත් පාර්ශවයකට අළෙවි කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සතොස මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් සිවුදෙනකුගේ වැඩතහනම් කළ බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා 'ලංකාදීප'යට පැවසීය.

වැඩතහනම් කළ පුද්ගලයන් සිවුදෙනා අතරට සතොස මූලස්ථානයේ කළමණාකරුවෙක් ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකු සහ වැලිසර තොග ගබඩාවේ නිලධාරීයකු සිටින බවත් වැඩතහනමට ලක්වූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සතොස සේවයෙන් ඉවත්ව සිට මෑතකදී නැවත සේවයට සම්බන්ධ වූ පුද්ගලයකු බවත් සභාපතිවරයා කීය.

සිද්ධිය වූ වාහාම මෙම පුද්ගලයන් සිවුදෙනා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව කී සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා සතොස අධ්‍යක්‍ෂ මණ්ඩලය රැස්වී පරීක්‍ෂණ අවසන් වන තෙක් වැඩ තහනම් කළ බව සඳහන් කළේය.

රාජසන්තක කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන්ට සහන මිලට සැපයුමට සතොස අළෙවිසල් ජාලයට භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතරතුර ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලංකා සතොසට ලබාදුන් සුදු`ඵණු බහලුම් දෙකක් මෙම පුද්ගලයන්ගේ මැදිහත්වීමෙන් පසුගියදා වෙනත් පාර්ශවයකට මෙසේ අළෙවිකර තිබුණි.  



අදහස් (5)

සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු 4 කගේ වැඩතහනම්

rocky Thursday, 16 September 2021 02:49 PM

අනුරාධපුරේ සතොස වෙළඳසල බලෙන් අරගෙන අරක්කු බෝතල් තොගයක් පැහැර ගෙන ගිය සිද්ධිය යට ගිහින් වගෙයි .මොකද්ද මේ රටේ තියන නීතිය ?

:       0       7

Nihal Thursday, 16 September 2021 03:57 PM

ලොක්කෝ හොරකම වැඩ තහනම .පොඩ්ඩෝ ඇපත් නෑ

:       0       4

ranjith Thursday, 16 September 2021 04:58 PM

මේ කොරෝනා ව්‍යසනය අස්සේ මේ වගේ කුණු වැඩ කරන අය ඉන්නවනේ...

:       0       1

Demuni Uduwara Thursday, 16 September 2021 06:17 PM

මෙය එක් සිද්ධියක් පමණි. කිසිසේත් විනිවිදභාවයක් නැති බව මෙයින් ආශ්වාදයක් ලබයි.

:       0       0

Demuni Uduwara Thursday, 16 September 2021 11:57 PM

දේශපාලනඥයින් දූෂණ හා නීති විරෝධී ක්‍රියාවන් කරති; නීතිමය ක්‍රියාමාර්ග නැත!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 536 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 321 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site