(අජන්ත කුමාර අගලකඩ)
සතොස ආරක්ෂක සහ පොදු පෞද්ගලික සමාගමේ පරිපාලන කටයුතු රක්නා ලංකා ආරක්ෂක සමාගමට පැවරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන ඇමැති චමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශයට අයත් සතොස ආරක්ෂක සමාගම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අයතන රැසකට ආරක්ෂක සේවා සපයයි.
අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ආරක්ෂක කටයුතු ඉටුකරනු ලබන්නේ සතොස ආරක්ෂක සමාගම විසිනි.
හමුදාවේ විශ්‍රාමික නිලධාරියකු යටතේ පුහුණුව ලැබූ ආරක්ෂක නිලධාරීහු 600දෙනෙක් පමණ එහි සේවය කරති.
ඒ අනුව, මෙම සමාගමට රක්නා ලංකා ආරක්ෂක සමාගම යටතේ ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමටත්, එහි ආරක්ෂක සේවා කටයුතු පුළුල් කිරීමටත් රජය තීරණය කර ඇත.
COMMENTS
පුදුමාකාර රටක්.
ආ කලින් කුඩු ගේනවා කිව්වානේ. ඒවා අල්ලන්න වෙන්න ඇති.
රක්න ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ පාලනය වන්නක්. රටේ සේරම දේවල් රජයේ පාලනයට ගත්තම පුද්ගලික ආරක්ෂක සේවකයින්ට මොකද වෙන්නේ. මේ සමාගම් රජයට බදු ගෙවන ගමන් විරැකියාවෙන් පෙළෙනවුන් හට රැකියාමාර්ග දුන් ආයතන. හමුදාවෙන් විශ්‍රාම ගිහින් විශ්‍රාම වැටුපක් ගන්න අයට නැවත රැකියා දීමෙන් රටේ විරැකියාව විසඳන්න පුලුවන්ද? එතකොට තව කොටසක් යනෙන මං නැති අසරණයින් කරනවා නොවේද?
ගොඩක් හොඳයි... අපි ජිවත් වුනේ, නැගිට්ටේ මෙතැනින්... එ් හැම දේම අපට නැති වුණා. පහුගිය වකවානුවේ සබරගමුවටත් නැවත රක්නා ලංකා පැමිණෙනවා නම් කැමතියි. එහෙම වුණොත් අපිට නැවත රැකියා ලැබෙයි. හොඳදෙයක් කරන අයට විවේචන ගොඩයි.
සබරගමුවටත් නැවත රක්නා ලංකා පැමිණෙනවා. අපි ජීවත් වුනේ නැගිට්ටේ මෙතැනින්.. එ් හැමදේම අපට නැති වුණා.