
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා තිබෙන සතවොද්‍යාන තුනක සහ සපාරි පාක් උද්‍යානයෙන් පසුගිය දෙදින තුළ රුපියල් පනස් හතර ලක්ෂ අනූ අට දහස් තුන්සිය ආදායමයක් ලබා ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
එම උද්‍යාන කරා ඉකුත් 25 වැනි දින නරඹන්නන් 12807 කුත් 26 දින නරඹන්නන් 18358 පැමිණ ඇතැයි අධ්‍යක්ෂකවරිය කීවාය.
දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය,පින්නවල සත්ව උද්‍යානය මෙන්ම රිදියගම සපාරි පාක් උද්‍යානයෙන් මෙම ආදායම ලැබී ඇතැයි අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පැවසුවාය
COMMENTS
වියදම 10800000 වෙන්න ඇති අනිවාර්යෙන්.
සත්තුන්ට හරියට කෑම ටිකයි. බෙහෙත් ටිකයිවත් ගන්න.... පුළුවන්නේ...