IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘‘සත්‍ය ගවේෂකයෝ‘‘ගොනු කළ පෙත්සම සලකා බලන්න අවසර

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති රිට් පෙත්සම් ළඟ දිනයකදී සලකා බලන ලෙස අවසර ඉල්ලා ගොනු කර තිබූ මෝසමට අද  (31) ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේය.

ඒ අනුව මෙම රිට් පෙත්සම අගෝස්තු 27 දින සලකා බැලීමට අධිකරණයෙන් දින ලබා දෙනු ලැබීය.

මෙම රිට් පෙත්සම සැප්තැම්බර් 09 වැනිදින සලකා බැලීමට අධිකරණයෙන් දින ලබා දී ඇති බවත් එය ඉතා දීර්ඝ දිනයක් බැවින් සලකා බැලීම සඳහා ළඟ දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම මෝසම ඉදිරිපක් කර තිබිණි.

මෙම පෙත්සම් එල්.ටී.බී.දෙහිදෙණිය සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලිණි.

සත්‍ය ගවේෂකයෝ සංවිධානය ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් හැටියට මැතිවරණ කොමිසම එහි සභාපති ඇතුළු එහි සාමාජිකයින් නම් කරනු ලැබ ඇත.

නීතීඥ පේ‍්‍රමනාත් සී.දොළවත්ත මහතා මාර්ගයෙන් ගොනු කරනු ලැබ ඇති පෙත්සම් හී මෙසේද සඳහන් වේ.

බස්නාහිර පළාත් සභාවේ නිල කාලය ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා අවසන් විණි.එලෙස එම පළාත් සභාවේ නිල කාලය අවසන් වී මාසයක් ගත වුවද මේ දක්වාම මැතිවරණයක් පැවැත්වීමට රජය කටයුතු කර නොමැත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 වගන්තිය සහ පළාත් සභා පනතෙහි විධිවිධාන අනුව බස්නාහිර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව ඇත.

එහෙත් එම කාර්යය වගඋත්තරකරුවන් ඉටුකර නොමැත.මේ හේතුවෙන් අදාළ පළාත් සභාව තුළ වෙසෙන ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝණය වී තිබෙන බවද පෙත්සම්කරු කියා සිටී.

එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද බස්නාහිර පළාත් සභා මැතිවරණ පැවැත්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන මැන්ඩාමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නැයිද සිය රිට් පෙත්සමින් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත මහතාගේ උපදෙස් මත නීතීඥ කනිෂ්ක විතාරණ මහතා පෙනී සිටියේය.



අදහස් (0)

‘‘සත්‍ය ගවේෂකයෝ‘‘ගොනු කළ පෙත්සම සලකා බලන්න අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site