(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයන් ඇතුළු සතුන් කිහිපදෙනෙකුට කොරෝනා පැතිරුණේ එහි වවුලන්ගෙන් දැයි සැකයක් මතුව ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය .
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සොයා බලා ගෙන යන බවද හෙතෙම සඳහන් කළේය .
දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් මුලින්ම වැළඳුණේ ''තෝර්" නැමැති සිංහයාටය. එම සිංහයාගේ තත්වය සතුටුදායක යැයි පැවසිය නොහැකි බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය .
කොවිඩ් ආසාදනයවූ සිංහ ධේනුව, ඔරංඔටන් දෙදෙනා සහ චිම්පන්සි දෙදෙනාගේ තත්වය සාමාන්‍ය බව පැවසූ විමලවීර දිසානායක මහතා දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සියලු සත්වෝද්‍යාන අනිද්දා (26) සඳුදා විවෘත කරන බවද පැවසුවේය .
සත්වෝද්‍යාන වසා දැමීම නිසා ඒවායේ සතුන්ට කෑම බීම සඳහා අවශ්‍ය වියදම් සොයා ගැනීමද දුෂ්කර වී ඇතැයි හෙතෙම සඳහන් කළේය .
COMMENTS
ඔය කතාව කියපු කෙනා අල්ලලා දාන්න ඕනේ සත්තුවත්තේ කූඩුවකට...
දේශකාපාලුවන්ට කියන තවත් නමක් තමයි වවුලා කියන්නේ. ඒ අනුව වවුලෙක්ම කියනවා වවුල්ලු කොරෝනා වයිරසය සත්තු වත්තට අරගෙන ආවේ කියලා. ලෙඩේ ගෙනාපු සතාම කියනවා නම් "අපියි" ලෙඩේ ගෙනාවේ " කියලා තවත් හොයන්න දෙයක් නැහැ. අල්ලලා, හිස් කූඩුවක දමන්න දවස් 15 කට. කූඩුව අසල බෝඩ් එකක් එල්ලන්න... " අම්පාරෙන් අල්ලාගත් වානරයා " කියලා. මීටර් දෙක තුනක දුරකින් මහජනයාට නැරඹීමට ඉඩසලසන්න. සත්තු වත්තේ දවසේ ආදායම ටිකක් වැඩිකරගන්න පුළුවනි.