(නිමල කොඩිතුවක්කු)
බඩුමිල අඩුකර ජනතාවට සහන දීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් සමගි ජන බලවේගයේ වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පැවැත්විණි.
මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, වෘත්තීය සමිති නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පිරිස පැයකට අධික කාලයක් විරෝධතාවයේ නිරත වූහ.
“ගුරු අයිතිය රැක දෙනු, ඉන්ධන මිළ පහත හෙලනු, කොතලාවල පනත හකුලාගනු, රනුක් කමිටුවේ වැටුප් වැඩිවීම වහා ලබාදියව්, තෙල් මිල අඩුත් නෑ බැසිල්ටත් බෑ, බැසිල් පෙරට රට උකසට”ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන් හදන්නේ තවත් කොවිඩ් පොකුරක් නිර්මාණය කරන්න. ඇත්තටම මේවා සේරම අපේ රටේ එදා ඉඳන්ම කරන දේශපාලන නාටක...
වහල්ලු නම් කියයි විපක්ෂයක් නැහැ කියලා...
ෆයිරෝස්, විපක්ෂයක් තියෙනවා. හැබැයි ඉන්න ගාණ පින්තූරෙන් පේනවා.. අනික දෙපැත්තේම ඉන්නේ වහල්ලු... ඒ හින්දා ඔයත් එක්කෙනෙක්...