(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී ලබන මාර්තු 15 වැනදා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පස්වරුවේ පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.
සෞඛ්‍යය නිර්දේශවලට අනුකූලව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පක්ෂ සංවත්සරය පැවැත්වීමටද එහිදී තීරණය කෙරිණි.
එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.
සංවත්සරය සංවිධානය කිරීමේ කටයුතු පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී සහ උප සභාපති හරීන් ප්‍රනාන්දු මහතා වෙත භාර දී තිබේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සජබ පක්ෂ සංවත්සරය මාර්තු 15 දා
වීරවිජේ Saturday, 27 February 2021 12:33 PM
"සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පක්ෂ සංවත්සරය පැවැත්වීමටද එහිදී තීරණය කෙරිණි." එහෙම නැතත් ඉතිං එච්චර ගොඩක් මෝඩයින් ලංකාවේ නෑනේ...