IMG-LOGO

සජබෙන් මුදල් ඇමැතිට විශ්වාසභංගයක්

(නිමල කොඩිතුවක්කු)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ මේ වනවිට සාකච්ඡා ආරම්භ වී ඇති බවත් අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

රට පවතින මූල්‍ය අර්බුදය මෙන්ම එය කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ප්‍රකාශ නොකිරීම, රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හා පිළිතුරු නොදීම ආදි කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ පක්ෂ කළමනාකරණ කමිටුව සාකච්ඡා කර කඩිනමින් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවත් අත්තනායක මහතා තවදුරටත් පැවසීය.

 



අදහස් (10)

සජබෙන් මුදල් ඇමැතිට විශ්වාසභංගයක්

leelarathna kr Sunday, 13 March 2022 03:19 PM

වැඩක් වේද රජයේ වහල්ලු වැඩියි නේද? රජයෙන් ඉවත් කරපු එවුනුත් එකතුවෙලා පරාද කරයි...

:       9       29

චමින්ද Sunday, 13 March 2022 03:23 PM

කඩිනමින් කියලා කොච්චර ප්‍රමාදද? පසුගිය සතියේ මාස තුනකින් ආවේ නැහැ කියලා කෑගහන්නේ නැතුව තුන් මාසය අවසානයේ එම වරදත් සමග ඕක ගෙනාවා නම් මොකද? කමක් නැහැ... දැන් එතකොට බැසිල්ට විරුද්ධව කථාකරන විමලෙලාගේ වැඩත් බලන්න බැරියෑ. ඔබලාත් දැන් වැඩ පරක්කුවෝ වෙලා කියලා පැහැදිලියි...

:       5       27

කිරි පුතා Sunday, 13 March 2022 04:19 PM

කොටි ත්‍රස්තවාදීන් සමඟ යුද්ධය කරන සමයේ එතුමා යම් සැලකිය යුතු කාර්යයක් කළවග පුවත්වලින් දැනගතිමි. ඒ ගෞරවය එසේම තිබේවා...! අද තත්ත්වය අනුව ඒත් තමා ඇමරිකාවේත් පුරවැසියෙකු බැවින් ඕනෑම වේලාවක ඇමෙරිකාවට පලා යා හැකියි.. ඒ නිසා මෙතරම් බැරෑරුම් තනතුරක් දැරීම රටට කොතරම් සුදුසුදැයි පැනයක් ඉතිරිව ඇත.

:       4       15

Hafeel Monday, 14 March 2022 06:13 AM

ඔබතුමා කියන්නේ අර ටිරාන් මන්ත්‍රී කිව්වා නේද? ඔහු සහ කොටි නියෝජිත එමිල්කාන්තන් මාර්ගයෙන් 2005 ජනාධිපතිවරණය උතුරු, නැගෙනහිර වර්ජනය කිරීමට කොටි ත්‍රස්තයින්ට දීපු මුදල් ගැනද..?

:       0       2

Bamunuarachchi Sunday, 13 March 2022 04:31 PM

ජෙප්පන්ගේ කුමන්ත්‍රණ...

:       21       4

බමුණුපුත්‍ර Sunday, 13 March 2022 10:22 PM

සින්හළත් බැරි ,ඉන්ගිරිසිවත් බැරි ලෝකෙම ප්‍රසිද්ධ මොළහතාට කුමන්ත්‍රණ කරන්නේ අහවල් දේකටද ?

:       0       0

fairoos Sunday, 13 March 2022 04:34 PM

ජාතිවාදීන් ඉන්නකන් ලංකාවට මොනවා කළත් වැඩක් නැහැ...

:       2       15

Pradeep Sunday, 13 March 2022 05:18 PM

බැසිල්ගේ වුවමනාවක් ඉෂ්ඨ කිරීමට වගේ..

:       1       11

Rohana Sunday, 13 March 2022 05:58 PM

වැඩකට නැති මුදල් ඇමති. එනකොට නම් කිව්වේ කොහොමද? රට පෙරලලා හරි ඩොලර් අර්බුදයෙන් රට බේරගනී කියලා. ඒ වෙනුවට රට තව නවත් අර්බුදය කරා ඇදගෙන ගිහින්...!

:       1       13

sharm warn Monday, 14 March 2022 03:01 PM

පොහොට්ටුවේ ඉන්න බොරු කියන්නම උපන් කාලකණ්ණි විසින් මොල 7ක් ඇතැයි කියලා පම්පෝරි ගහලා ආතල් දුන්නනේ... දැන් මොකෝ වෙලා තියෙන්නේ...? විශ්වාස භංගය නෙවෙයි, හරි නම් නීතිවිරෝධී මන්ත්‍රීකමට විරුද්ධව නඩුවක් දාන්න ඕනෑ. ඒක කරන්නත් වුවමනාවක් නැහැ කාටවත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 41 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2169 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site