(නිමල කොඩිතුවක්කු)
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ හැසිරීම පිළිබඳව සහ යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පොලිස් මුලස්ථානයට අද (17) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී අලවතුවල සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අපරාධ නීතිය යටතේ වැරදි කිහිපයක් සිදුකර ඇති බැවින් ඔහුව වහාම අත්අඩංගුවට ගෙන පුලුල් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවසීය.
ලොහාන් රත්වත්තේ මහතා තවදුරටත් නිදැල්ලේ සිටීම විමර්ශනවලට බාධා එල්ල විය හැකි බැවින් මේ පිළිබඳ කඩිනම් පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලීමක් කරනු ලැබීය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය වැනි තවත් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගියදා මාධ්‍ය හමුවේ සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලා විමර්ශනයක් සිදුකරන ලෙසත් සිය පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බවත් අලවතුවල මහතා සඳහන් කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිදුකළ ප්‍රකාශය සුළුපටු ප්‍රකාශයක් නොවන බැවින් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය කඩිනම් පියවර වහාම ගන්නා ලෙසත් සිය පැමිණිල්ල මගින් ඉල්ලා සිටි බවත් අලවතුවල මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
බොරු සෝබන එපා මහත්තයා . ඔයාලට තිබුණේ පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න . එදා ආපු තොරතුරු අනුව පරික්ෂණ නිසි ආකාරයට කළානම්.
බොරුවට කහිනවා. හොඳට තිබ්බ රටේ.., බෝම්බ පත්තු කරලා..
ත්‍රස්ත ප්‍රහාරයක් නැවත එල්ල වේවි කියන්න දිවැස් ඕනෙත් නැහැ.. අංජනම් එළි බලන්නත් ඕනේ නැහැ.. ලෝක ඉතිහාසය දිහා බැලුවාම අනාගතේ කලින් කලට සිදුවෙලා.. අපි නිවටව සිටියොත් එකවර විශාල ප්‍රහාරයක් වෙනවා. මුස්ලිම් ආගමික පොතක ලියලා තිබෙනවා දෙවියන් විශ්වාස නොකර ඒවා කරන්න කියලා. ඒක සජබ නොදන්නවාට අපි දන්නවා.
අපි එස්.ඩබ්. අලවතුවල මහතාට හිස නමා ආචාර කරනවා. ඔහොම බොරු දේවල් කරලා නැහැ. රෙස්පෙක්ට් කරන්න ඕනෑ මනුස්සයෙක්... තාත්තාගේ ගතිගුණ නම් ළඟින්වත් තියන්න බැහැ. දොඩම්ගස්ලන්දෙ අදටත් බැබලෙනවා තාත්තා කරපු දේවල්.. ඔබ කළ එක දෙයක් කියන්න පුළුවන්ද?