( +++ නිමල කොඩිතුවක්කු)

විශේෂ හමුවක් සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ  ආසන සංවිධායකවරුන්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (14) කොළඹට කැඳවනු ලැබ ඇත.

මෙම හමුව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ.

 අද පෙරවරු 9.30ට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද පෙරවරු 11 ට ආසන සංවිධායකවරුන්ද හමුවීමට ප්‍රේමදාස මහතා තීරණය කර ඇත.

මෙම හමුවේදී ඉදිරි මහ මැතිවරණයේ සංවිධාන කටයුතු සහ මැතිවරණ යාන්ත්‍රණය මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.