(නිමන්ති රණසිංහ)
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට පනවා ඇති සංචාර සීමා මැයි මස 25 දායින් පසුව දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන තොරතුරු ද සාකච්ඡාවට බඳුන් කරමින් මෙම සංසරණ සීමා දීර්ඝ කරනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

COMMENTS
ඔක්කෝම කියන්නේ රට වහන්න කියලා. එතකොට කුලියක් කරන් ජීවත් වන අපි කන්නේ මොනවාද කියාපල්ලා...
ඔය විරුද්ධ කාරයින් මොර ගැහුවාට මේක වහන්න එපා. වැහුවොත් ආර්ථිකයට මොකද වෙන්නේ? මේ වෙලාවේ හැම දේකටම වඩා අපි රටේ ආර්ථිකය ගැන බලන්න එපායැ...
රට වැහුවම එදා වේල හොයන් කන මිනිසුන්ට ප්‍රශ්නයක් තමයි. ඒත් බලන්නකෝ දිනකට මැරෙන මිනිසුන් කීයද කියලා. එහෙම බැලුවම ඕන කෙනෙකුට තේරෙනවා සෞඛ්‍ය වාර්ථා එනතුරුම ඉන්න ඕන නැහැ කියලා...
ආර්ථිකය ගැන හිතන්න වෙන්නේ ජීවත්වෙලා හිටියොත් තමයි. පවතින තත්ත්වයේ දැඩි අනතුරුදායකත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයට සවන් දී සති දෙකක් රට වසා තැබීම විය යුතු බව රටේ බහුතරයකගේ මතය බව කිව යුතුයි.
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්.. කරුණාකරලා රට විවෘත කරන්න.
මෙයත් හොඳයි විනෝද සමය 02 කරන්න. නියම විහිළු අප්පුලා..