(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා පසුගිය දින හතරේදී ක්‍රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව රුපියල් කෝටි 6000 ඉක්මවන බව මුදල් ,ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
සංචරණ තහනම හේතුවෙන් දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 කට අධික යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
රට දින දහයක් වසා දැමුවොත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අහිමි වන මුදල රුපියල් කෝටි 15000ක්(බිලියන 150ක්)ලෙස ගණන් බලා ඇතැයි ද එය මුළු නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රතිශතයක් යයිද ඔහු කීය.
රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම රුපියල් කෝටි පහළොස් ලක්ෂයකි. මේ අනුව දිනක නිෂ්පාදිත වටිනාකම රුපියල් කෝටි4100කට අධිකය.
සංචරණ තහනම පැනවුවත් රටේ රක්ෂණ ඇතුළු ඇතැම් අංශ එම කාලයේදී ක්‍රියාත්මකවු හෙයින් දළ දේශීය නිෂ්පාදිතයට දිනකට සිදුවූ පාඩුව රුපියල් කෝටි එක්දහස් පන්සීයක් ලෙස ගණන් බැලිය හැකි යයිද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.
මේ කාලසීමාවේදී සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ආදායම අඩුවීමෙන් ඔවුනගේ ණය ගෙවීමේ හැකියාව නැති වන බව කී රාජ්‍ය ඇමතිවරයා එයද රටේ ආර්ථිකයට විශාල ගැටළුවක් බව ප්‍රකාශ කළේය.
එසේම මේ කාලසීමාවේදී සේවකයන් විශාල පිරිසකට වැඩ නැතුව වැටුප් ගෙවීමට රජයට සිදු වූ බවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වීමෙන් සිදුවූ පාඩුවද අතිමහත් බවත් කබ්රාල් මහතා කීය.
විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදිතයන් නියමිත වේලාවට සැපයීමට නොහැකිවීම නිසා ආර්ථිකයට ලොකු බලපෑමක් මේ දින කිහිපයේදී ඇති වුණු බවත් එදිනෙදා හම්බ කරගෙන ජීවත් වූ විශාල පිරිසකට ද මේ කාලයේදී සිය ජීවනෝපාය අහිමිවූ බවත් ඔහු පැවසීය.
කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් හෙයින් රට නොවසා කොවිඩ් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලකට ගමන් කිරිම ඉතාම වැදගත් බවත් මේ අවස්ථාවේදී වැසිය යුත්තේ රට නොව ජනතාවගේ කට බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මුඛ ආවරණ ලබාදී ජනතාවගේ කට වැසීමෙන් කොවිඩ් පාලනය කරගත හැකි බවත් ඒ සඳහා වැයවන්නේ බිලියනයක මුදලක් පමණක් බවත් අජිත් කබ්රාල් මහතා අනාවරණය කළේය
COMMENTS
ඔහේලගෙන් මේ රටට වෙලා තියෙන පාඩුව මීට වඩා බොහෝ වැඩි සහ පාඩුවක්.. රටට ඔහෙලා කරපු හරිය මදැයි.. ඉදිරියට මේ රට වෙනුවෙන් ඔහෙලගේ පරපුරට සහ ඔහේට කළ හැකි දේ තමයි ගෙදර යන එක...
ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය නිසා නිෂ්පාදනය කරන සමාගම් වලින් එන්නත් තවම ඇනවුම් කර නොමැත. එම නිසා මේ පාඩුවට ආණ්ඩුව වගකියන්න ඕනෑ.
රටවල් උත්සාහ කරන්නේ රජයේ වියදම් අඩු කරගන්න නොවෙයි. මිනිසුන්ගේ ජීවිත බේරා ගන්න. ඊට පස්සේ තමයි අනික් දේවල් හිතන්නේ...
ඔයගොල්ලෝ සිංහල අවුරුද්ද අල්ලලා සති 02ක් සංචරණ සීමා දැම්මා නම් රජයට කෝටි 6000ක පාඩුවක් වෙන්නේ නැහැනේ ...
මේ මනුස්සයා දන්න ගණන්... නිකන් කයිවාරු කාරයෙක් විතරයි.
මෝඩයෝ මිනිස් ජීවිත සල්ලි වලින් මනින්න පුලුවන්ද?. සල්ලි හම්බ කරන්න පුළුවනි. නැතිවුණු ජීවිතයට නැවත ජීවය දෙන්න පුළුවන්...
අපේ රටට විශාල වින්නැහියක් කළා.. ග්‍රික් බොන්ඩ්වල ආයෝජනය කරන්න උපදෙස් දුන්නා. රටේ මිනිසුන්ගේ අර්ථ සාධක අරමුදලේ සල්ලි කඩා වැටෙන කොම්පැනිවල ආයොජනය කරන්න උපදෙස් දුන්නු හොර මෝලෙක් මේ. වෙනරටක නම් ඉන්නේ හිරගෙදර. අපේ කරුමෙට මෙහේ සැප ගන්නවා දියවන්නාවේ...
එන්නත් කරණය හරියට කළා නම් ඔය ප්‍රශ්න එනවද?
දවසකට කෝටි 150ක් පාඩුයි. ඒ කියන්නේ එක මනුස්සයෙකුට රුපියල් 75ක් පාඩුයි. ජනගහනය කෝටි 02ක් නිසා ඉතින් මාසයක් වැහුවාම රුපියල් 2250. ඒ කියන්නේ සාමාන්‍ය කම්කරුවෙකුගේ දවසක පඩිය ඔය ගණනේ හැටියට හැමදාම රට වැහුවා නම් ලාබයි..මොකද රට ඇරලා තිබ්බාම පරිසර දූෂණය, තෙල් වියදම, කුණු ප්‍රශ්න, රෝග පැතිරීම වගේ දේවල් ගණනාවක් සිද්දවෙන නිසා අවුරුද්දක් වැහුවත් 27000ක් පමණක් පාඩුවන නිසා රෝගයත් දරුණු නිසා වහලා තිබ්බට ගාණක් නෑ එතරම්...
සමහර මිනිසුන් රටට සාපයකි..
මී හරක් රංචුව පාර්ලිමේන්තුවේ කාලේ කාලා නාස්ති කරන සල්ලි ගණන් හදලා බැලුවොත් මේ මොනවද කියලා හිතෙයි. මේ අයට හරි අමාරුයි... මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් කරන්න වුණාම... මේ ඔක්කොම මළමිනී විකුණලා බලය ගන්න අයනේ... ඒකයි මේ හැටි බෙරිහන් දෙන්නේ...
මෙන්න දවසකටවත් අදහන්න වටිනා මිනිස්සු. හරිම අති විශිෂ්ඨයි. ඒ මන්ද යත්, අර කව්දෝ හිත්පිත් නැති මිනිහෙක් තමන්ගේ කාරෙකට මිනිහෙකු හැපුණු වෙලේ බිමට බැහැලා බැලුවේ කාරෙකට මොකද වුණේ කියලලු. ආන්න ඒ වගේ තමයි මේ කතාවත්... කලට වේලාවට රටේ සංචරණ නීති නොදැනීම නිසා නිරපරාදේ මියයන වටිනා අපගේ රටේ ජීවිත ගැන නෙමෙයි කතාකරන්නේ... රජයට වෙච්ච පාඩුව ගැන විතරයි. මේ වගේ කතා වලින්ම මේ අය රටේ ජනතාවට මොනතරම් හිතවත්ද කියා කාටත් වැටහෙනවා.
කවුදෝ අහලා තිබුණා අර බේබි යවපු රොකට් එකට වියදම් කරපු කොටි 6400 තිබුණා නම් අයි.සී.යූ ඇඳන් 21,200ක් ගන්න තිබුණා කියලා. ඒ කාලේ විය පැහැදම් කරපු දේවල් ගැන නම් මේ මහත්තයාට හොඳ අවබෝධයක් ඇති මගේ හිතේ. මතකයිනේ ලොකු පුතාගේ ආසාව ඉටුකරගන්න අර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උත්සවය ගෙන්වා ගන්න දඟලපු දැඟලිල්ල සහ වියදම් කරපු මහා ධනස්කන්ධය?
මේ කෝටි 6000 ගණන හැදුවේ කොහොමදැයි කියල කියනවා නම්...?
පවුල් පාලනේ උදවිය විතරක් කරලා තියෙන නාස්තිය... හොරකම්, වංචා, දූෂණ දිහා බැලුවාම රටට කොයිතරම් පාඩුවක් වෙලා ඇත්ද? නූපන් දරුවන් පවා ලෝකෙට ණය කාරයින් කරලා හමාරයි. මෙයත් ඒ හැම දේකටම හවුල්...
අනේ පව්.. මෙච්චර කල් හරියට ලාභ ලබලා රට කිරියෙන් පැණියෙන් උතුරවපු රජයක්නේ මේ ඉතින්. පුදුම වේදනාවක් දැනෙන්නේ අප්පා.. අර කඩා වැටුණු ග්‍රීසියත්... එක්ක බැඳුම්කර වංචාවෙන් එහෙම ලොකු ලොකු ලාභ ලබන්න ඇතිනේ... මේ වගේ අයට කෝට් අන්දන බයියන්ටත් හරි පොරවල් වගේ පේනවා ඇති. අපායෙන් බලාගෙන ඉන්නවා ... පොහොට්ටුකාරයෝ ලැයිස්තුව තියාගෙන... මිනිස්සුන්ගේ ජීවිත වලට කරන අපරාධ වලට ගණන් දෙන්න.