( තිළිණි ද සිල්වා )
සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළදී මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා රජය විසින් සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවනු ලැබ ඇත.
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙම හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ කර ඇති අතර ප්‍රධාන මෙහෙයුම් මධස්ථානය අග්‍රාමාත්‍ය ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
මේ අනුව ජනතාවට යම් ගැටලුවක් ඇත්නම්, ඔහු පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් විසඳා ගත හැකිය.
එම දිස්ත්‍රික් මධ්‍යස්ථානවල නිලධාරීන්ට එම ගැටලුව විසඳිය නොහැකි වන අවස්ථාවලදී එම නිලධාරීන්ට ජනාධිපති කාර්යසාධන බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට දැන්වීමෙන් එය විසඳා ගැනීමට අවස්ථාව සලසා ඇත.
එක් එක් දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, ඔවුන්ගේ කාර්යාලයීය හා ජංගම දුරකකතන අංක පහත දක්වා ඇත.


2025 දෙසැම්බර් මස 04
424
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
411
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචරණ සීමා ගැටලු නිරාකරණයට මධ්‍යස්ථානයක්
කරුනෙ Saturday, 15 May 2021 02:53 AM
ඇත්තටම මේක මම නොදන්න නිසා අහන්නේ... ගරු කියලා ආමන්ත්‍රණය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීලාට පමණයි නේද?
Sri Lanka Saturday, 15 May 2021 11:28 AM
අනේ.. අනේ.. බඩුත් හාමුදුරුවන්ගේ ... නඩුත් හාමුදුරුවන්ගේ...