
(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනි දා තෙක් ක්‍රියාත්මක කරන බව රජයේ ආරංචි මාර්ග කියයි.
කොරෝනා මර්ධන කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
සංචරණ සීමා මෙම 31 සහ ජුනි 4 වැනි දා ලිහිල් කිරීමට කලින් තීරණය කර තිබුණද ඉකුත් 25 වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමේදී රට තුළ වූ වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වෙයි.
සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ ජංගම අලෙවි සේවා සංවධානය කරන ලෙස දිසාපතිවරුනට හා ප්‍රාදේශීය ලේකම්වරුනට උපදෙස් දී ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ජනතාවට නිවෙස්වලින් බැහැරට නොගොස් සිය අවශ්‍යතා සපුරා ගැනිමට අවශ්‍ය වටපිටාව සකසන්නැයි ද දැනුම් දී ඇත.
COMMENTS
පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැහැලුනේ.., අපේ බක පණ්ඩිතයාට මොකුත් බැහැ වගේ.. 69ට දැන් සනීපද?
ඔය කියන සංචරණ සීමාව කොහෙද තියෙන්නේ? පාරට බැහැලා බලන්නකෝ කවුද ගෙවල් ඇතුලේ ඉන්නේ කියලා...
අතශවශ්‍ය සේවා කියලා හැමෙෝම පාරේ
ලෝකෙ ඉන්න විනයක් නැති,හැදියාවක් නැති, හික්මීමක් නැති පන්ඩිත ජාතිය කට සංචරන නෙමෙයි මොන සීමා දම්මත් වැඞක් නැ.
සංචරන සීමා කෙසේ වෙතත් අපේ ගේ ඉස්සරහ පාරෙ ගමේ අය මෝටර් සයිකල් වලින් යනව ඉවරයක් නෑ.
ආ... කොහොමද? දැන් සැපද?
සංචරණ සීමා කොපමණ කාලයක් ඉවසන්නද? සීමා කාලය වැඩිවන තරමට මහ ජනතාවගේ ආර්ථිකය සහ මානසික සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පහළට යනවා වගේම මෙය කොරෝනාවට වඩා බරපතල දීර්ඝ කාලීන ප්‍රශ්නයක් වේවි...!!!