IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


සංචාරක ක්ෂේත්‍රයේ අයට එන්නත හෙට සිට

( තිළිණි ද සිල්වා)‍‍

සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන්ට කොවිඩ්  එන්නත්කරණය කිරීම  හෙට (10) සිට  ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව මෙහි පළමු එන්නත්කරණ වැඩසහන හම්බන්තොට දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි  පැවැත්වෙන අතර , තංගල්ල නගර සභා ශාලාවේදී , තංගල්ල  අනන්තාරා හෝටලයේදී , තිස්සමහාරාම ඩබල් ට්‍රී හෝටලය , හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේදී ( සෆාරී රියදුරන් සදහා) සංචාරක ක්ෂේත්‍රයේ නියැළි පිරිස් හට එන්නත් ලබා දීම සිදු කෙරන බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.

සෘජුව සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින ලක්ෂ පහකට අධික පිරිසක් වෙනුවෙන් මෙම කඩිනම් එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම කීය.

දිවයිනට සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් ගුවන් සමාගම්  විසි පහක නියෝජිතයින් සමග අද  (09) පෙරවරුවේ සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී  සංචාරක අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

සාර්ථක එන්නත්කරණය කිරීමකින් අනතුරුව රජය විසින් සහන පැකේජ ක්‍රියාත්මක කිරීමත් සමඟම සංචාරකයින් ගෙන්වාගතහැකි රටවලින් ලංකාවට සැළකියයුතු  සංචාරකයින් ප්‍රමාණයක් මෙම වසර  අවසාන වනවිට ගෙන්වා ගතහැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද හෙතෙම කීවේය.

දැනටමත් මේ සම්බන්ධයෙන් සංචාරකයින් ගෙන්වීමේ ආයතන සහ ගුවන් සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක් වට කිහිපයක් පවත්වමින් සැලසුම් සකස් කරමින් පවතින   අතර මෙම වසර අවසාන වනවිට සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින්නන් ගේ ආදායම හැකිතාක් දුරට යථා තත්ත්වයට  පත්කිරීමට රජය අපේක්ෂා කරන බවද ආමත්‍යවරයා පෙන්වා දුන්නේය‍.

මෙම වසර අවසාන වන විට  සැලකිය යුතු සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමේදී  වඩාත්  සැළසුම් සහගත ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරන බවද සංචාරක අමාත්‍යවරයා කියා සිටියේය.

 

 



අදහස් (0)

සංචාරක ක්ෂේත්‍රයේ අයට එන්නත හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 186 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1047 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site