
(දිලීප් ජයසේකර)
මත්තල ගුවන්තොටුපොළ හරහා අපනයන සංවර්ධන හා සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් අද (30) මත්තල ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විශේෂ නිරික්ෂණ චාරිකාවක නිරත වූහ.
මේ සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග,වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ,තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ගුවන් සේවා හා අපනයන සංවර්ධන කලාප රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන අමාත්‍යවරු එක්ව සිටියහ.
මෙහිදී මත්තල ගුවන් තොටුපොලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, මත්තල ගුවන් තොටුපොළ කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේ දී සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමටත් හා දේශීය අපනයන භාණ්ඩ මත්තල ගුවන් තොටුපොළ හරහා විදෙස් රටවලට අපනයනය කිරිමටත් අවධානය යොමුකර තිබේ.
මේ අවස්ථාව සදහා හම්බන්තොට දිස්ත්‍රික් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති,පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් රාජපක්ෂ, හම්බන්තොට දිසාපති ඩබ්ලිව්.එච්.කරුණාරත්න,ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර, මත්තල ගුවන් තොටුපොළ කළමණාකරු උපුල් කලන්සූරිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.


2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංචාරක ඇමැති මත්තල ගුවන්තොට බලන්න යයි