( තිළිණි ද සිල්වා )
වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ගුවන්තොටුපොළ කටයුතු සහ සංචාරකයන් ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඉදිරියටම පවත්වා ගෙන යන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එසේම කොවිඩ් ආසාධිතයින්ගේ වැඩිවුවද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම සීමා කිරීමක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයිද කී ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි
එම ලාංකිකයින් ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාවට නංවා , හැකි උපරිමයෙන් කොවිඩ් පාලනයට සහාය දක්වන ආකාරයෙන් සිදු කිරීමට වගබලා ගන්නා බවද හෙතෙම කියයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් සංචාරකයන් ගෙන‍්වූයේ ආරක්ෂිත ක්‍රමයකට අනුව බවත් ,ලංකාවට පැමිණි සංචාරකයෙක් ආසාධිතයෙක් නම් ඔවුන් සමාජගත වීම වැලැක්වූ බවය.
කෙසේ නමුත් මේ වනවිට සංචාරක පැමිණීමේ අඩුවක් දකින්නට ලැබෙන බවද සංචාරක අමාත්‍යවරයා පවසයි.
COMMENTS
රට කොච්චර අහේනියට පත්වෙලා කියනවානම් මේ මිනිස්සුත් තමන්ගේ බඩ වියත ගැන කවදාවත් නැතිව දඟලනවා
ලංකාවට වැඩිපුරම සංචාරකයින් පැමිණෙන රටක් තමයි ඉන්දියාව. ලෝකයටම ප්‍රශ්නයක් වෙලා තියෙන කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ දැන් පවතින ඉතාම අවාසනාවන්ත තත්වය ගැන සැලකිල්ලට ගත්තොත් හොඳයි ඇමතිතුමෝ. ඡන්දෙට කලින් " අපි බලයට ආවාම ආර්ථිකය නංවන හැටි කියලා දෙන්නම්" කියලා කයිවාරු ගැහුවට දැන් අත්‍යාවශ්‍ය බෙහෙතක් ගෙන්වා ගන්න මහජනයාට කන්න දෙයක් ගෙන්වා ගන්න තුට්ටුදෙකක් වත් අතේ නැතුව රට හිඟමනට වැටිලා ඉන්නවා කියලා එන්න කැමැති හැමකෙනෙක්ම ගෙන්වා ගන්න එකත් භයානකයි...
යන්න මහත්තයෝ යන්න... මාර හදිස්සියක්නේ තියෙන්නේ සුද්දන්ව ගේන්න.
සුද්දන්ගෙන් සල්ලි හොයන්න ගිහින් තමයි මේ විපත්තිය..
සාමාන්‍යයෙන් මැයි මාසය යනු ලංකාවට සංචාරකයන් ඉතා අඩු ප්‍රමාණයක් පැමිණෙන මාසයයි. එමනිසා සංචාරක බුබුල මැයි මාසය තුළ සම්පූර්ණයෙන්ම අත්හිටුවලා, ජුනි මාසයේ සිට කොරෝනා පැතිරීම අඩු රටවල් කිහිපයකින් පටන්ගෙන සංචාරක බුබුල ක්‍රමයෙන් නැවත වර්ධනය කර ගන්න. ශ්‍රී ලාංකික පුරවැසියන් ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය දෙන්න.
ඉන්දියන් කාරයන්ට දැන් කෙලින්ම ලෝකයේ අනිත් රටවලට යන්න බැරි නිසා මෙහෙ නිරෝධායනය වෙලා පිටරට යන්න හදනවා මේක ඉතාම භයානකය... කරුණාකර ඉන්දියාවේ සිට එන සංචාරකයන් නවත්වන්න එහෙම කරන්න බැරි නම් මුළු සංචාරක බුබුලම නවත්වන්න