IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


සචිත්‍රගේ ඇප ඉල්ලීම ඉවතට

(යොෂිතා පෙරේරා)


පසුගිය වසරේ නොවැම්බර් - දෙසැම්බර් මාසවල හම්බන්තොටදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. 

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචන නෙරංජන සිල්වා මහතා ඉදිරියේ විභාගයට ගත් විට, ක්‍රිකට් ක්‍රීඩක සේනානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නුවන් බෙලිගහවත්ත මහතා විසින් ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලදී. අයදුම්පත සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නීති උපදේශකවරයා දැනුම් දුන්නේ  ඔහු අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර නොමැති බැවින් එම අයදුම්පත ප්‍රතික්ෂේප කරන බවත්, එය නැවත ඉදිරිපත් කරන ලෙසත්ය‍. 

මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය (SIU) මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වමින් සිටින අතර එල්.පී.එල්. තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාගේ මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

ක්‍රීඩා පනත හා සම්බන්ධ වැරදි වැළැක්වීම සඳහා අංක 24 යටතේ ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් මෙම නඩුව ගොනු කර තිබුණි. මෙම පනත යටතේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ යමෙකු වැරදිකරු වුවහොත් ඔවුන්ට රු. 500,000 හෝ අවුරුදු 10 ක සිර දඬුවමක් නැතහොත් ඒ දෙකම පැනවිය හැකිය. 

වාර්තාවන පරිදි සේනානායක සිංහල ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා දුරකතනයෙන් සම්බන්ධ වී තිබේ. ඒ සමගම එක් ක්‍රීඩකයෙක් වහාම කණ්ඩායම් කළමනාකරුට සහ ක්‍රීඩා සමාජයේ ඉහළ නිලධාරියෙකුට දැනුම් දී ඇත. අදාළ ක්‍රීඩකයා තමන් සම්බන්ධයෙන් පැමිණිළි කර ඇති බව දැනගත් විත්තිකරු එම නිලධාරියාට කරුණු පැහැදිලි කර දී තිබේ.

පසුව එම නිලධාරියා සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. එහෙත් පරීක්ෂණය අවසන් වන තුරු සේනානායකව සිංහල ක්‍රීඩා සමාජයෙන් ඉවත් කර ඇත. 



අදහස් (2)

සචිත්‍රගේ ඇප ඉල්ලීම ඉවතට

Puppa Wednesday, 03 March 2021 01:10 AM

කොල්ලා පොහොට්ටුවට සම්බන්ධ නම් ගොඩ...

:       2       3

sam Wednesday, 03 March 2021 06:18 AM

ලැජ්ජා නැද්ද? මේක කරලා තියෙනවා නම් එයාව හිරේම දාන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 185 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 697 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site