(රංජන් කස්තුරි)
සෞඛ්‍ය සේවකන්ගේ මපියන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම ඔවුන්ට ලැබුණු වරප්‍රසාදයක් නොව රෝගය පැතිරීම වැළැක්වීම සඳහා ගත් උපාය මාර්ගික පියවරකැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවකයන්ගේ මාපියන් 13,000කට පමණ කොරෝනා එනනත් ලබාදී තිබෙන බව ද එය මෙරට පුද්ගලයන්ට ලබාදුන් මුළු එන්නත් ප්‍රමාණයෙන් සියයට 1කට වඩා අඩු ප්‍රමාණයකැයි ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.
එහෙත් ඇතැම් වෘත්තීය සමිති නායකයින් එන්නත් ලබාගැනීම සෞඛ්‍ය සේවකයන් ලැබූ වරප්‍රසාදයක් ලෙස ආර්ථ දැක්වීමට පටන් ගෙන ඇතැයිද ලේකම්වරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවකයන්ගේ පවුල් වලට දීම නොවේ වරද ඒම කුලකයේ ඉන්න වෛද්‍යවරුන් කියන කොටසට පමණක් අයිති පවුල් වලට පමණක් එන්නත් දීම තමයි කණගාටුවට කරුණ. අමතක කරන්න එපා 600000ක් තවම අස්ට්‍රසේනිකා දෙවෙනි මාත්‍රාව ලැබෙන තුරු බලා ගෙන ඉන්න බව. එහෙම තිබියදී මෙවැනි තර්ක ගෙන එමින් ඉතුරු එන්නත් ටික ඔබලාගේ පවුල් වලට පමණක් වෙන් කර ගැනීම ඉතාම පහත් දෙයක්. ඔබලා කරන සේවයට අපි ගරු කරනවා. එත් මේ දෙය ගැන නම් ඇත්තේ දැඩි කල කිරීමක්.
කරුණාකර ඇස්ට්‍රසේනිකා දෙවැනි මාත්‍රාව අනික් ජනතාවට දෙන දිනය ගැන හැකි ඉක්මනින් කියන්න.
ඒක වරප්‍රසාදයක් නෙවෙයි අයිතියක් ,ඒකට අපි ගරු කරනවා. හැබැයි දොස්තරට, ස්වාමියාට හෝ භාර්යාවට, දරුවන්ට, දෙමාපියන්ට හැර හත්මුතු පරම්පරාවටම දෙන්න ගියාම තමයි හොරකමක් වෙන්නේ. එහෙම දුන්නේ නැතිතම් අටපට්ටමට කියන්න හොඳේ !!
හැන්ද ඇති අය බෙදා ගනී.
සෞඛ්‍ය සේවකයෝ ගෙවල් වලට ගියාම ඒ ගොල්ලන් ලොකු අවදානමක් ගන්නද? රෝගය බෝවෙන්න අද වෙනකොට... ලොකු අවදානමක් ගන්නවා වෛද්‍යවරු.. අනිත් අයට කිසිම දෙයක් නැහැ. PCR කරන්නේ රෝගීන් ළඟ ඉඳන් බලාගන්න ඔවුන් නෙමෙයිද? අඩුම තරමේ එන්නතවත් ගන්න බැරිද? GMO එකෙන් එන්නත් එයාලාගේ අයට විදගන්නකොට ඔය කතාව අදාළ නැහැ නේද?
ඔව්, ඔව් රෝහල්වල ක්ලිනික් ගියාමත් තම පවුලේ හිතවතුන් පෝලිම කඩලා ගන්නේ... ඒවා ඒ අය දිනාගනිපු වරප්‍රසාදද? ප්‍රශ්නය මේක කොතැනින් කෙළවර කරන්නද කියලයි..,
සෞඛ්‍ය සේවකයින්ගේ ඥාතීන්ට කියලා දෙන්නේ දොස්තරලාගේ අයට විතරයි. රටම රවට්ටලා තමන්ගේ වැඩේ කරගන්නවා. අන්න ඒකයි නරක...
ආදරණීය වෛද්‍යතුමනි, ඥාතීන්ට ප්‍රමුඛතාවය ලබා දීමේදී මහජනතාවට කිසිදු ගැටළුවක් නොමැත (මහජනයා රවටා ගැනීමට උත්සාහ නොකරන්න; GMOA පැවසූ පරිදි එය දෙමව්පියන් පමණක් නොවේ. මහජනතාව මෙය තේරුම් ගනී.
වෛද්‍යවරු ආත්මාර්ථකාමීද?
ඔව්, ඒක පවුල් මාෆියාවට තිබෙන අයිතියක්...!!!
මෝඩ කතා කියන්න එපා.. එතකොට ලෙඩ්ඩු එක්ක ගැටෙන අනෙක් සෞඛ්‍ය සේවකයන්ගේ දෙමාපියන් හරහා නැත්නම් ඥාතීන් හරහා රෝගය බෝ වෙන්නේ නැද්ද?
අපි දැක්කා මොරටුවේ නගරාධිපති ඔහුගේ හෙන්චයියන්ට බෙහෙත් විදීමට දුන් තුණ්ඩුව ප්‍රතික්ෂේප කළාට විරෝධය දැක්වූ හැටි. එන්නත්දීම සම්බන්ධ තීරණ ගැනීම ඔවුන්ගේ වරප්‍රසාදයක්ද? එන්නත් කිරීමට කමිටු පිහිටුවන්නේ කුමටද? ග්‍රාම නිලධාරීන්ගේ ඇති ගෘහමූලික ලැයිස්තු අනුව එහි නම් පිළිවෙලට කළාම මොකද වෙන්නේ..?. කොරෝනා මර්ධනය කිරීමට සැබෑ වුවමනාවක් ඇත්නම් ගම් මට්ටමේ දේශපාළුවන් තීරණ ගැනීම්වලින් ඉවත්කර නිසි සැලසුමකින් කරන්න...
ලෝකේ අනික් රටවල නම් කොරෝනා ඥාතී සංග්‍රහ කරලා නැහැ. අපේ විතරයි.
ඥාතී සංග්‍රහ වරප්‍රසාදයක් නොවේ සමානය දෙයක්.
වරප්‍රසාදයක් නෙවෙයි. මංකොල්ලයක්...
ඉල්ලන දේ දුන්නේ නැත්නම් බෙහෙත් දෙන්නේ නැහැ.
ඔය කියන අය ඍජුවම කෝවිඩ් රෝගීන් සමග ගැටෙන අයද? නැත්නම් සෟඛ්‍ය සේවකයන් පමණක්ද? මේ සමාජයේ විවිධ අාකාරයට සමාජයට සේවය කළ අය සහ කරන අය ඉන්නවා.
හැමෝම වෛද්‍යවරුන්ට බනිනවා හැබැයි කවුරුවත් දන්නේ නැහැ අනෙකුත් සෞඛ්‍ය සේවකයෝ වර්ජන මේ මොහොතේත් කරන බව.
කොහොමද ඒහෙම වෙනනේ