(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය නීතිය අනුව ධාවනය කෙරෙන බස් රථ සඳහා සියයට 20ක පමණ මුදලක් වැඩිපුර අය කිරීමට අවසර දී ඇතැයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.
රජය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනාගමන මණ්ඩලය සේවාවක් හැටියට පවත්වාගෙන යන බවද හෙතෙම සඳහන් කළේය .
ඇමතිවරයා මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පෞද්ගලික ප්‍රවාහන අංශයට රජය විවිධ පහසුකම් ලබාදී ඇතත් ඒවා ප්‍රමාණවත් නොවන්නේ යැයි තමා පිළිගන්නා බවත් තවදුරටත් සහන ලබාදීමට රජය සමග සාකච්ඡා කර ගෙන යන බවත් ලොකුගේ මහතා ප්‍රකාශ කළේය .
දුම්රිය බඩු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බව පැවසූ ඇමැතිවරයා තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය මෙන්ම සිමෙන්ති හා වැලි ප්‍රවාහනයද දැනටමත් අරඹා ඇතැයි පැවසුවේය .
ඒ වගේම ප්‍රීමා සමාගමේ පිටි ප්‍රවාහනයද දුම්රිය මගින් සිදුකරන බව හෙතෙම කීවේය .
තෙල් සංස්ථාවේ තෙල් ප්‍රවාහනය දුම්රියෙන් සියයට හැටක් පමණ සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවද ප්‍රවාහන ඇමතිවරයා පැවසීය .
මේ අතර තනි දොරේ බස්රථ හයසියයක් මිලදී ගැනීමට ඇණවුම් කර ඇති බවත් ඒවා ලැබුණු පසු දිවයින පුරා සෑම අතුරු මාර්ගයක යෙදවීමට බලාපොරොත්තු වන බවත් ලොකුගේ මහතා අනාවරණය කළේය.
COMMENTS
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්... කමු කමු හාල්, පොල් අමුවෙන්ම ... වෙලාවක් නෑ... කිරිබත් හද හදා ඉන්න.
"බස්රථ 600ක් මිලදී ගැනීමට ඇණවුම් කර ඇති බවත් ඒවා ලැබුණු පසු දිවයින පුරා සෑම අතුරු මාර්ගයක යෙදවීමට" මෙතුමා ලංකාවේ අතුරු මාර්ග කීයක් තියෙනවද කියල දන්නවද දන්නේ නෑ. මෙතුමාගේ 69 ලක්ෂයේ බයියන්ට හොඳයි. මේ වගේ කතා...