IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


සුඛෝපභෝගී දුම්රිය මැදිරි අයිතිය දෙපාර්තමේන්තුවට දෙන්නැයි ඉල්ලීමක්

(බිඟුන් මේනක ගමගේ) 


සාමාන්‍ය දුම්රිය වලට යාකොට සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට ඉඩ නොදී දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදෙන්නැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ලිපියක් යොමු කරමින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 


සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීම සඳහා පෞද්ගලික සමාගම්වලට ඉඩ දීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා අනුව මෙම ඉල්ලීම කරන්නේ යැයි එම සන්ධානයේ සමකැඳවුම්කරු එස්.පී විතානගේ මහතාගේ අස්සනින් යුතුව යොමු කර ඇති එම ලිපියේ සඳහන් වේ. 


බදුල්ල, යාපනය, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලේ, මඩකලපුව, මාතර හා බෙලිඅත්ත දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියවලට යාකර සුඛෝපභෝගී මගී දුම්රිය මැදිරි ධාවනය කිරීමට මෙසේ කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.  


දුම්රිය දෙපාර්තමේන්තුවට එක එල්ලේම ආදායම් ලබාගත හැකි පරිදි සුඛෝපභෝගි දුම්රිය මැදිරි ධාවනය කිරීමේ හැකියාව ඇතැයි ද නිසි ක්‍රමවේදයක් සකසනවා වෙනුවට පෞද්ගලික සමාගම් හා පුද්ගලයින් සම්බන්ධ කරගෙන ඔහුනට වැඩි වාසි සැලැසීම දුම්රිය සේවය පෞද්ගලීකරණය කිරීමක් යැයි ද ඔවුහු චෝදනා කරති. 


දැනටමත් කොළඹ කොටුව - මහනුවර නගරාන්තර දුම්රියේ, දුම්රිය ගමන් වාර 4 ක් සඳහා බ්ලූ ලයින් සුඛෝපභෝගී මැදිරි 4 ක්  ධාවනය වන්නේ යැයි ද ඒ සඳහා එක් මගියකුගෙන් රුපියල් 1650.00 ක් අය කරන නමුත් අදාළ සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන්නේ රුපියල් 760.00 ක් පමණක් යැයි ද එම ලිපියේ සඳහන් වේ.


දුම්රිය මැදිරියේ නඩත්තු කටයුතු හෝ දුම්රිය ධාවනයේ දී උද්ගතවන කිසිදු වියදමක් අදාළ සමාගම විසින් දරන්නේ නැතැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සිය ලිපියෙන් චෝදනා කර ඇත.


මෙම සුඛෝපභෝගී මැදිරි එක් කරනු ලබන්නේ දැනට ධාවනය වන දෙවැනි හා තුන් වැනි පංතියේ මැදිරි ගලවා ඉවත්කිරීමෙන් යැයි ද එම නිසා සාමාන්‍ය ගාස්තු ගෙවන මගීන් සඳහා ඇති ඉඩකඩ අහිමිවන්නේ යැයි ද එම ලිපියේ සඳහන් වේ.


මීට පෙරද එක්ස්පෝ හා රාජධානී  ( Expo/Rajadhani)   සුඛෝපභෝගී දුම්රිය මැදිරි ධාවනය කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවූ මූල්‍යමය හානිය රුපියල් කෝටි ගණනක් බව විගණන විමසුම් මගින් හෙළි වී ඇතැයි ද එනිසා පෞද්ගලික සමාගම් මැදිහත් කරගත් සියලු ව්‍යාපෘති දුම්රිය දෙපාර්තමේන්තුවට හානි දායක වන බව පෙන්වා දෙන්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.



අදහස් (18)

සුඛෝපභෝගී දුම්රිය මැදිරි අයිතිය දෙපාර්තමේන්තුවට දෙන්නැයි ඉල්ලීමක්

රවින් Monday, 04 November 2019 11:45 AM

ආ ඔය එන්නේ... ඔය කැබිනට් එකේ ඉන්න කෙනෙක්ගෙන් අහන්නේ. සරම හෝ කලිසම කුලියට ලොන්ඩරියෙන් අරගෙනද අඳින්නේ? කෝච්චි පෙට්ටිය රජයේ, රේල් පාර රජයේ, එන්ජිම රජයේ, සේවකයෝ රජයේ, රේල් පාර නඩත්තුව රජයේ, ලැබෙන මුදල් කාගේවත්ද? ඔයිට වඩා හොඳ නැද්ද අම්මා අප්පාවත් කුලියට ගත්තා නම්...

:       170       196

athuraTuesday, 05 November 2019 04:49 AM

ඔබතුමා ලංකාවේද? ලංකාවේ පෞද්ගලික සමාගම් රජයේ ආයතන වලට වැඩිය ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නේ. අත්දැකීමෙන් කියන්නේ මහත්මයෝ.

:       0       1

Mahesh Monday, 04 November 2019 11:46 AM

දුම්රිය නියත ලෙසම කළමනාකරණය හෝ පුද්ගලික අංශයට ලබාදිය යුතුයි. එසේ වූවා නම් පොදු මහජනතාවට මීට වඩා ගුණාත්මක සේවයක් ලබාගත හැකිව තිබිණි. මේ නාස්තිකාර ආයතන පවත්වා ගෙන යාම සඳහා දුම්රියේ කවදාවත් ගමන් නොකරන අහිංසක ජනතාවත් බදු ගෙවන බව අමතක නොකළ යුතුයි.

:       61       526

Mahee Monday, 04 November 2019 11:51 AM

මම නම්න 100% පක්ෂයි ආණ්ඩුවේ මේ යෝජනාවට, මං උඩරට මැණිකේ දුම්රියේ පළමු පන්තියේ ගමන් කරනවිට දැක්ක ඒවායේ වැසිකිලි කොයිතරම් නම් ජරා තත්වයේ තිබුණද කියන එක. ඔක්කොම කොමෝඩ් කැඩිලා රේල්පාර පේනවා යටින්. සුද්දෝ නහය වහගෙනයි ඒක ඇතුළට යන්නේ.... කිට්ටුව තියෙන ආසනවලවත් යන්න බෑ දුර්ගන්ධය නිසා...

:       2       539

raheemMonday, 04 November 2019 02:50 PM

මගේ ගම බදුල්ල... උඩරට මැණිකේ නොවෙයි "ගඳ ගහන මැණිකේ" ඒ තරමට අපිරිසුදුයි. ඉස්සර වෙලාම දුම්රිය පිරිසිදුවට තියාගන්න ඕනෑ. එහෙම නැතිව කොච්චර අලුත් දුම්රිය ගෙනාවත් වැඩක් නැහැ. දැක්කා නේද දෙනුවර මැණිකේ පටන්ගත්ත දවසේම කුණු දාලා තියන පින්තූර. මේවායේ ගමන් කරන අයත් වග කියන්න ඕනෑ.

:       0       147

lalith Monday, 04 November 2019 12:45 PM

අද කෙනෙක් රැකියාවට උදේ දුම්රියෙන් අාවොත්, වර්ජන නිසා හැන්දෑවේ ආයෙත් දුම්රිය තිබේවිද යන්න සැකයි. මෙවැනි සේවයක් මහජන බදු මුදලින් නඩත්තු කරන්නේ ඇයි? දුම්රිය සේවාව පුද්ගලික අංශයට පැවරිය යුතුමයි.

:       0       152

ranga Monday, 04 November 2019 12:48 PM

අධික ලෙස පාඩු ලබන, කිසිදු විනයක් සහ පොදු ජනතාව කෙරෙහි කිසිඳු හැඟීමක් නැති වෘත්තීය සමිති කිහිපයකට නතුව තිබෙන කිසිඳු ප්‍රමිතියක් නැති දුම්රිය සේවයට මෙවන් නවීන සේවාවන් අනුබද්ධ කිරීම කිසිසේත් සිදු නොකළ යුතුයි. මෙවැනි සේවාවන් පෞද්ගලික අංශයට අනිවාර්යයෙන් ලබා දිය යුතුයි. අවශ්‍ය නම් තරගකාරී ලෙසින් රාජ්‍ය අංශයටද ලබාදීම සලකා බැලිම සිදුකළ යුතුයි.

:       0       244

gamarala Monday, 04 November 2019 01:17 PM

රටේ තිබෙන මහජනයාට වැදගත් ආයතනයක් තමයි දුම්රිය දෙපාර්තමේන්තුව.. මෙය කන්න පටන් ගත්තේ 1977න් පස්සේ. හොඳට ආදායම ලබපු තැනක් කල් දැම්මා. ඉදිරියටත් ඉතිරි ටිකත් කන්න තමයි හදන්නේ... වැඩිම ඉඩම් ප්‍රමාණයක් තිබුණු දුම්රිය දෙපාර්තමේන්තුවේ හෙන්චයියලාට ගොඩනැගිලි ගහගෙන ව්‍යාපාර කරන්න දුන්නා. බඩු ගෙනියන්න තිබුණු දුම්රිය නැති කළා. කැලණිවැලි මාර්ගයේ තිබුණු ලස්සනම දුම්රිය මග විනාශ කළා. ඒ වටිනාම ඉඩම් ටික අද කිසිම අයිතියක් නොමැතිව හෙන්චයියලා භුක්ති විඳිනවා. නොදන්නා අය දුම්රියේ ඉතිහාසය හා එය කා දමපු හැටි හොයලා බලන්න...

:       35       119

Rohitha Monday, 04 November 2019 01:22 PM

අනිවාර්යයෙන් පෞද්ගලික අංශයට තිබිය යුතුයි. නැත්නන් වෙන්නේ දුම්රිය සේවකයෙක්ම පවුල් පිටින් ඕකේ ඕක පාස් අරන් යනවා. අන්තිමට අනිත් මනුෂ්‍යයෙකුට මිනිහෙකුට මුදල් ගෙවලාවත් යන්න විදිහක් නෑ.

:       0       226

gamaralaMonday, 04 November 2019 04:13 PM

වැඩ කරන කෙනාට ඇරුනම ඔය පාස් තියෙන්නේ අවුරුද්දකටම 3 යි. එත් මිනිස්සුන්ට වැඩ තියනවා. ඒ වගේම ඔය පාස් වලින් රවුම් ගහන්න සල්ලි වගේම කාලයත් තියෙන්න ඕනෑ.

:       0       0

Prabath Monday, 04 November 2019 01:34 PM

නුවර කොළඹ හා කොළඹ නුවර ඉන්ටර්සිටි එකේ ඔබ්සවේෂන් එකේ AC හදාගන්න බැරි දුම්රිය දෙපාර්තමේන්තුව කොහොමද මේ වගේ දේවල් කරන්නේ...?

:       0       147

Razor Monday, 04 November 2019 01:42 PM

ඇයි වර්ජනය කරන දවස්වලට වර්ජනය කරන අයගේ අඹුවන් සුඛෝපභෝගී මැදිරිවල තියලා බඩු ගාණට විකුණන් කන්නද? වර්ජනය කරකර මහජනයා අපහසුතාවයට පත් කරන අය තමයි ඉන්නේ...

:       0       131

gobilaTuesday, 05 November 2019 07:28 AM

මගීන් අපහසුතාවයට හා දුම්රිය සේවයට පාඩු කරමින් කරපු වර්ජන දවස්වල ඔය කිඹුල් කදුළු තිබුනේ කොහිද? වර්ජකයන්ට කිසිම දුම්රිය වෘත්තිය සමිති සන්ධානයකට පාඩු ගැන කතා කිරීමට කිසිදු හැකියාවක් නොමැත.

:       0       23

Frequent traveler Monday, 04 November 2019 01:46 PM

මම නිතරම නුවර - කොළඹ යන්නේ ඉන්ටර්සිටි ට්‍රේන් එකේ... මහේෂ් කිව්වදේට සම්පූර්ණයෙන් එකඟයි. දුම්රිය නියත ලෙසම කළමනාකරණය හෝ පුද්ගලික අංශයට ලබාදිය යුතුයි. එසේ වූවා නම් පොදු මහජනතාවට මීට වඩා ගුණාත්මක සේවයක් ලබාගත හැකිව තිබිණි. මේ නාස්තිකාර ආයතන පවත්වාගෙන යාම සඳහා දුම්රියේ කවදාවත් ගමන් නොකරන අහිංසක ජනතාවත් බදු ගෙවන බව අමතක නොකළ යුතුයි. ළඟදී ඉඳලා කම්පාර්ට්ස්මන්ට්ස් දාලා. ලක්ෂ ගානක් සේවකයෝ ඉන්න ඩිපාර්ට්මන්ට් එකට තනියම ඔය නැවත සකස් කරන එකවත් කරගන්න බැහැ..

:       0       102

විජිත් Monday, 04 November 2019 04:29 PM

ඔව් එහෙම කරපු ගමන් තව කෝටි ගානක් ඉතිරි වෙනවා. ඇයි දුම්රිය ගමනාගමන ඇමතිගේ ජොබ් එකටත් වදිනවානේ. එයින් කෝටි ගානක් රජයට ඉතිරි වෙනවා. හැබැයි බස් සේවය සම්පුර්ණයෙන්ම රජය යටතට ගෙන උගත්, විනීත පුද්ගලයින් සේවයට බඳවාගත යුතුයි. දැන් සිටින පුද්ගලික බස් රස්තියාදුකාරයින්ගේ කාලය අවසන් කළ යුතුයි. එය මහජනයාගේ කාර්යයක්. ඒ නිසා මහජනයා පුද්ගලික බස් භාවිතය ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ සඳහා ගුණාත්මක බස් සේවයක් රජයෙන් ස්ථාපිත කළ යුතුයි.

:       0       0

du Monday, 04 November 2019 04:40 PM

දුම්රිය මැදිරිවල පහසුකම් අඩුයි කියලා දුම්රිය දෙපාර්තමේන්තුවට පැමිණිලි කලාම එයාලට අයිති රේල් පීලි 2 යි, සිල්පර කොටන් ටිකයි විතරයි කිව්වා. අනිත් ඒවා වෙන කම්පැනියකින් කරන්නේ කිව්වා. කම්පනියේ නම එයාලට මතක නැහැලු. ඉන්ටර්සිටියේ යද්දිත් ඒ ප්‍රශ්නෙම දුම්රිය ආරක්ෂක අංශයේ ටිකට් පරීක්ෂකගෙන් ඇහුවම ඒවා එයාලටත් අයිති නැහැ කිව්වා . මන් ඇහුව එහෙනම් ටිකට් චෙක් කරන්නත් ඔයාලට අයිතියක් නැහැ නේ කියලා. කට වහගෙන ගියා යන්න.

:       0       0

magiya Tuesday, 05 November 2019 03:27 AM

සුඛෝපභෝගී මැදිරි පමණක් නොව සමස්ත දුම්රිය සේවයම පුද්ගලීකරණය කළ යුතුයි. වර්ජන මාෆියාව නිසා මගී ජනතාව 100% සිටින්නේ පුද්ගලීකරණය කළ යුතුය යන මතය තුලය. පසුගිය වර්ජන හේතුවෙන් දුම්රිය සේවයට කළ පාඩුව කොපමණද ? කියා මෙම වෘත්තිය සමිති සන්ධානය පැහැදිලි කළ යුතුය. ඒ තුලින් මහාජනතාවට සිදුවූ හා සමස්ත ආර්ථිකයට සිදුවූ පාඩුව කොපමණද ? එබැවින් කිසිම දුම්රිය වෘත්තිය සමිති සන්ධානයකට පාඩු ගැන කතා කිරීමට කිසිදු හැකියාව නොමැත. එබැවින් සමස්ත දුම්රිය සේවයම පුද්ගලීකරණය කළ යුතුමය.

:       0       101

Bamunuarachchi Tuesday, 05 November 2019 04:08 AM

එළදෙනගේ ඉස්සරහ පැත්ත රජයට දීලා පස්ස පැත්ත කොම්පැණිකාරයෝ අරගෙන. රජය දුම්රිය සේවය නඩත්තු කරන්න ඕනේ සුඛෝපබෝගී පැටවීම් සහ ලාභ කොම්පැණිකාරයින්ට. නියමයි නේද? අවුරුදු 5 කරලා තිබෙන රටට ලාභ ව්‍යාපෘති.

:       51       0

ඔබේ අදහස් එවන්න

දියත

පුත්තලමේ මන්ත්‍රී සබ්රි ඉඩමක් බලෙන් අල්ලාගෙන
2024 ජුලි මස 15 533 0

පුත්තලම නගරයේ වානිජ වටිනාකමකින් යුත් රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති


එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි
2024 ජුලි මස 15 1647 0

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ති


නාම යෝජනා කැඳවන දිනය මේ මස අග
2024 ජුලි මස 14 727 0

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.


පාතාලය මර්දනය කරනු- මැති ඇමැතිවරු ඉල්ලති
2024 ජුලි මස 14 1034 0

පාතාලය මර්දනය කිරීමට දැඩි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවට මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් දැඩිව ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.


තනතුරුවලින් මාව ඉවත් කරන්න කාටවත් බෑ
2024 ජුලි මස 14 1145 0

සමඟි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් තමන් ඉවත් කිරීමට කිසිවෙක්ට නොහැකි බවත් එසේ කළනොහැකි ලෙස අධිකරණය පැනවූ වාරණ නියෝගය මේ


පොහොට්ටුව ජනපතිට සති 2 ක් කල් දෙයි
2024 ජුලි මස 14 1475 0

සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 66 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1802 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site