
(යොහාන් භාසුර)
ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ අද (13) පස්වරු 4.00 සිට හෙට (14) මධ්‍යම රාත්‍රී දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි.
මෙම වැඩවර්ජනය ආරම්භ කිරීමට පෙර අද පෙරවරුවේ තැපැල් වෘත්තීය සමිති නියෝජිතයන් සහ තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයා අතර පැවැති විශේෂ සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් වෘත්තීය සමිති වර්ජනය ආරම්භ කරනු ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසුවේ තැපැල් සේවකයන්ට සහ තැපැල් දෙපාර්තමේන්තුවට සෘජුවම බලපාන ඉතාම සාධාරණ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
වර්ජනය හේතුවෙන් සමස්ත තැපැල් ක්ෂේත්‍රයම හෙට දිනයේ අඩාල වන බවත් එම වෘත්තීය සමිති නියෝජිතයා වැඩි දුරටත් කීය.
COMMENTS
ලංකාවේ තවත් අකාර්‍යක්ශම ආයතනයක්. මෙය පුද්ගලික අංශය සමග සම්බන්දකර ලාභ ලබන ආයතනයක් බවට පත්කල යුතුයි