මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු නෙරපා හරින ලද නායක අවුන් සාන් සූ කීගේ පක්ෂයේ නිලධාරියකු අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ.
පෙබරවාරි 01 වැනිදා ආරම්භ වූ කුමන්ත්‍රණයෙන් පසු අවුන් සාන් සූ කී සහ ඇගේ පක්ෂයේ නිලධාරීන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගනු ලැබිණි.
යැන්ගොන් හි දී අත්අංගුවට ගෙන ඇති මෙම නිලධාරියා අඟහරුවාදා අලුයම 1.30ට පමණ අත්අඩංගුවේ සිටියදීම මියගොස් තිබේ.
"ඔහු දිගින් දිගටම විරෝධතා වලට සහභාගී වී තිබෙනවා. ඔහුලේ ඥාතීන් දැන් උත්සාහ කරන්නේ කෙසේ හෝ හමුදා රෝහලේ තිබෙන දේහය ලබා ගැනීමටයි." යැයි විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ක්‍රීවරයෙකු වන බා මායෝ තීන් පැවසීය. කෙසේ වුවද පොලිසිය හෝ යුධ හමුදාව මේ පිළිබඳව කිසිම ප්‍රතිචාරයක් දක්වා නොමැත.
පසුගිය දින දෙක තුළ අත්අඩංගුවේ සිටියදී මියගිය දෙවන නිලධාරීයා සැව් මියාට් ලින්න් ය.
2020 දී තේරී පත් වූ එන්එල්ඩී මන්ත්‍රීවරයෙකුගේ ප්‍රචාරක කළමණාකරුවෙකු ලෙස සේවය කළ කිං මාං ලැට් සෙනසුරාදා (06) රාත්‍රියේ අත්අඩංගුවට ගැනීමෙන් පසු මිය ගියේය.
මේ වනවිට විරෝධතාකරුවන් 50කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර 1800කට වැඩි පිරිසක් හමුදා පාලකයන් විසින් රඳවාගෙන සිටිති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
රටක ආරක්ෂාවට හමුදාව අත්‍යවශ්‍ය වුවද, එය ප්‍රමාණය ඉක්මවා, සීමාව ඉක්මවා අනවශ්‍ය ආකාරයෙන් පරිපාලන කටයුතු සඳහා යෙදවීමේ භයානකකම ගැන මෙයින් යම් අදහසක් ලොව රාජ්‍යයන්ට හා එහි නායකයින්ට හොඳ අවවාදයක් දෙනු ලබනු බව පෙනේ.