(ඩී.ජී.සුගතපාල)
පොලිස් සිර මැදිරිය තුළ සැකකරුවකුට මත්පැන් පානය කිරිමට ඉඩ හැරිම සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ සහ කාන්තා සැරයන්වරියකගේ වැඩ තහනම් කළ බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී සැකකරු සිර මැදිරිය තුළ සිට මත්පැන් පානය කරන දර්ශන සමාජ මාධ්‍ය ජාලාවල පලවීමත් සමඟ ඒ පිළිබඳ පරික්ෂණ පැවැත්වීමෙන් පසු රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත මෙම වැඩ තහනම් කිරිම සිදුකර තිබේ.
ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමල චිත්‍රපටි වල එන දර්ශන දැන් ලංකාවේ සජීවීව බලා ගත හැක.
ඒකට මොකද? උසස්වීම දෙන්න කියා ඉල්ලනවා ..