(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

පොලිස් අණ නොතකා මෝටර් රථයකින් පළා යාමට තැත් කළ අන්තවාදී සංවිධානයක බවට සැක කරන  පුද්ගලයෙකු සැක කටයුතු ලිපි ලේඛන තොගයක් සමඟ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට  ගත් බව දෙහිවල  පොලිසිය කියයි.

සැකකරු ඔහු පදවාගෙන පැමිණි මෝටර් රථයේ වේගය  වැඩකර කොළඹ දෙසට පලා යාමට සූදානම් වීමත් සමගම ක්‍රියාත්මක  වූ එහි සිටි පොලිස් නිලධාරීන් යතුරු පැදියකින්  මෝටර් රථය ලුහු බැද ගොස් මෝටර් රථය නවතා සැකකරු අත්අඩංගුවට  ගැනීමට සමත් වූ බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය .