
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2018-2019 අතර කාලයේදී තමාගේ දුරකතන සංවාද වලට රහසිගතව සවන්දී ඇති බවත් මහේස්ත්‍රාත්වරයකුගේ අවසරයකින් තොරව එසේ කටයුතු කිරීම නිසා තමාගේ පෞද්ගලික අයිතිය මෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණයවී ඇති බවත් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතුව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි.
දුරකථන සංවාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීම නිසා දුරකථන සේවා සැපයුම්කරුවන්ද තමාගේ වරප්‍රසාද කඩ කර ඇති බව පැවසූ රණවක මහතා තමාගේ වරප්‍රසාද කඩ කළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහ දුරකථන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා මූලික පරීක්ෂණයක් සිදුකරන ලෙස තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවැසුවේය.
එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දඩුවම් කළ හැකි වරදක් බවද ඔහු සඳහන් කළේය.
එසේම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවා එම වාර්තාව මැතිසබයට ඉදිරිපත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
නාගරික සංවර්ධන අමාත්‍යාංශය අමාත්‍යාංශයේ සිදු වී යැයි කියන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දෙමින් තමාට නොතීසියක් එවා තිබූ බවත් ඒ අනුව තමා පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමාගේ දුරකතන සංවාදවලට සවන් දී ඇති බව එහිදී කෙරුණු කරුණු විමසීම්වලදී තමාට වැටහුණු බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ දැන් කට්ටිය ඩුබායි යන්නේ හැමදේටම .
තමන් කුමන්ත්‍රණය කරන්නේ නැතිව හරි දෙයක් කතා කලා නම් මොකා පටිගත කළාම මොකද. ඇමරිකාව රහස් ඔත්තු සේවා හරියටම ක්‍රියාත්මක වන නිසා එහි ආරක්ෂාව තහවුරුව තිබෙනවා .
වරප්‍රසාධ වලට මුවා වී හොර වැඩ කරන්නද ඔබතුමා පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ .
සී.අයි.ඩී එක හරියට කලානම් මෙයාගේ වරප්‍රසාධ කඩවීම කෙසේ වෙතත් මෙයා ඉන්න ඕන හිර ගෙදර
ඔබ තුමන්ලා එකතුවෙලා අපේ වරප්‍රසාද කඩන එක ගැන කතාවක් නැද්ද?
ඒ කියන්නෙ යහපාලනේ ආණ්ඩුවටම සැකයි කැබිනට් ඇමති ගැන
2018-2019 කාලේ තිබුණේ ඔහෙලගේ ආණ්ඩුවක් නේද? ඔහේලගේ කාලේ ඔහෙලාට පරිස්සම් වෙන්න බැරි වුණා නම් දැන්ද පරිස්සම් වෙන්න හදන්නේ...?