සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ, මත්කුඩු ළඟ තබා ගැනීම සහ භාවිතට ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.
මුම්බායි සිට ගෝව බලා ගමන් කරමින් තිබු නැවක සාදයක් පැවැති බවත්, එය මත්ද්‍රව්‍ය සාදයක් බවත්, ලැබුණු ඔත්තුවකට අනුව වැටලීම් කළ විට එහි තරුණ තරුණියන් අතර ආර්යන් ඛාන් ද සිටි බවත් මුම්බායි පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.
ආර්යන් ඛාන් සමඟ අත්අඩංගුවට ගත් 13 දෙනාගෙන් තිදෙකු තරුණියන් බව ද පැවැසෙයි.
අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී හමුවී ඇත්තේ හසිෂ්, එම්ටී සහ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය වන අතර ඒවා පොලිස් භාරයට ගෙන තිබේ.
ආර්යන් ඇතුළු පිරිස රැඳවුම් බාරයට ගෙන ඔවුන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරන බව 'ඉන්දියා ටුඩේ' පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ලැබුණු ඔත්තුවට අනුව, පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් අංශයේ නිලධාරීන් කීපදෙනකු සිවිල් ඇඳුමින් සාදයට සහභාගී වී ඇත. සාදය ආරම්භ වී ඇත්තේ නෞකාව මුම්බායි නුවරින් යාත්‍රා කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුවය.
23 හැවිරිදි ආර්යන් ඛාන් ෂාරුක් ඛාන්ගේ වැඩිමල් දරුවාය. ආර්යන් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවෙකි. ෂාරුක් ඛාන් සහ බිරිඳ ගෞරි ඛාන්ට ආර්යාන්ට අමතරව සුෂානා නමැති 21 හැවිරිදි දියණියක ද අබ්රාම් නමැති අට හැවිරිදි පුතෙක් ද සිටී.
(ඉන්දියා ටුඩේ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන් කෝටිපතියන් වන විට දරුවෝ හිස උදුම්මා ගෙන විහින් නැසෙනවා. අධ්‍යාපන කටයුතු කියමින් පුතා ගන්නව ඇති සල්ලි..එවන් දෙමාපියන්ටත් දරුවන් ගැන සොයා බලන්න කාලයක්, උවමනාවක් නැහැ..
මෙහෙත් ඉන්නවා ඔහොම පුත්තු ඕන තරම්
නොමිළේම ආර්යන් ඛාන් කරළියට ගෙන ඒමේ මාකටින් එකක්. මේඩ් ඉන් ඉන්දියා