(නිමන්ති රණසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ති‍්‍රක ගුවන් ගමන් බලපත‍්‍රයක් සකස් කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මියට අදළ නඩු දෙකෙහි වැඩිදුර විභාගය ලබන අපේ‍්‍රල් මස 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (14) නියෝග කළාය.
පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරන නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දීලීප පිරිස් මහතා විදේශ ගතවීම හේතුවෙන් සාක්ෂි විභාගය කල් තබන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
එමෙන්ම, මෙම සිද්ධියට අදාළ පැමිණීල්ලේ සාක්ෂිකරුවකු වූ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සාක්ෂි ලබා දීම සදහා අද (14) අධිකරණය හමුවෙ පෙනී සිටියහ. ඒ අනුව ලබන අපේ‍්‍රල් මස 04 වැනිදා ඔහුටද අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් නඩුව එදින තෙක් කල් තැබිණී.
මෙම සිද්ධියට අදාළව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටි අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මිය අද (14) අධිකරණයේ පෙනී සිටියාය.
වර්ෂ 2010ක් වූ සැප්තැම්බර් මස 13 වන දින සහ 2015 පෙබරවාරි මස 26 අතර කාලය තුළදී අධිකරණ බලසීමාවේ පිහිටි කොළඹදී චූදිත විසින් අංක ඞී 3642817 දරන අවිධිමත් ශී‍්‍ර‍්‍ර ලංකා ගමන් බලපත‍්‍රය නීත්‍යානුකූල බලයක් නොමැතිව තම සන්තකයේ තබා ගැනීමෙන් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31 දරන (සංශෝධීත) පනත් වලින් සංශෝධිත 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කළ බවට රහස් පොලිසිය විසින් චූදිතට එරෙහිව එලෙස නඩු පවරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශෂී වීරවංශගේ නඩු විභාගය අප්‍රේල් මාසයට කල් යයි
prabha Thursday, 14 March 2019 01:34 PM
මේ නඩුව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්
Hafeel Thursday, 14 March 2019 03:58 PM
පොහොට්ටුවේ කට්ටියේ වැඩි වෙලාවේ ගත වෙන්නේ උසාවිවල, පොලීසියේ, බන්ධනාගාරවල.
Mahee Thursday, 14 March 2019 05:42 PM
මේකට නම් විදේශවලින් කවුරුත් ගෙන්න ඕන වෙන එකක් නැහැ.
rocky Friday, 15 March 2019 01:43 AM
ඕක සාමාන්‍යයෙන් එක දිගටම කල් යන නඩුවක්! විභාගයට ගන්නකොට විත්තිකාරි පරලොව ගිහින් තියේවි!