IMG-LOGO

2025 මාර්තු මස 19 වන බදාදා


ශවේන්ද්‍රගේ පත්වීමට එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ගෙනුත් කණගාටුව

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය ද නිවේදනයක් නිකුත් කරමින් සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ලබාදුන් උසස්වීම තුළින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඇති ප්‍රතිසන්ධාන, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට අදාළ ඒකාබද්ධ යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ කැපවීම දැඩි ලෙස බිඳ දමා ඇතැයි මානව හිමිකම් මහකොමසාරිස්වරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

අදාළ පත්කිරීම අතිශයින් ගැටලු සහගත බවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පෙන්වා දෙන්නීය.

යුද සමයේ දී ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානූෂීය නීති උල්ලංඝණය කළ බවට චෝදනා ඇති බැවින් අදාළ පත්කිරීම සිදුනොකර යුත්තක් යැයිද  ඇය කියා සිටින්නීය.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස පත්කිරීම එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා අඛණ්ඩව දායක වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සිය නිවේදනයෙන් අනතුරු අඟවා ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පසුගිය මාර්තු මාසයේ දි ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ද කණස්සල්ල පළ කර තිබිණි.

එම නිවේදනයේ මෙසේ ද සදහන් වේ.

“යුද සමයේ දී ඔහුට සහ ඔහුගේ හමුදාවන්ට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීම පිළිබඳ බරපතල චෝදනා තිබියදීත්, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස පත් කිරීම ගැන දැඩි සේ කනස්සල්ලට පත්ව සිටිමි.

2019 මාර්තු මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ අවසන් වාර්තාවේ මහ කොමසාරිස්වරයා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කිරීම “කනස්සල්ලට කරුණක්” ලෙස දැනටමත් විස්තර කර තිබිණි.

එල්ටීටීඊයට එරෙහි ආරක්ෂක මෙහෙයුමේ අවසන් අදියරේ දී ලුතිනන් ජෙනරාල් සිල්වා  ශ්‍රී ලංකාවේ 58 වැනි සේනාංකයට අණ දුන් අතර, එක්සත් ජාතීන්ගේ අනුප්‍රාප්තික පරීක්ෂණ මගින් ජාත්‍යන්තර මානුෂීය හා මානව හිමිකම් නීතිය බරපතල ලෙස උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වී තිබේ.

“ලුතිනන් ජනරාල් සිල්වාගේ උසස්වීම මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවේ සන්දර්භය තුළ යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම දැඩි ලෙස බිඳ දමයි.

විශේෂයෙන් එය යුද්ධයෙන් විශාල වශයෙන් පීඩා විඳි වින්දිතයින්ගේ සහ දිවි ගලවා ගත් අයගේ ප්‍රතිසන්ධාන ප්‍රයත්නයන් වලක්වනු ලැබේ. එය ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ද වළක්වන අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයන් සඳහා අඛණ්ඩව දායක වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි එය බලපානු ඇත. ”



අදහස් (17)

ශවේන්ද්‍රගේ පත්වීමට එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ගෙනුත් කණගාටුව

harimaga Tuesday, 20 August 2019 08:56 AM

මීට අවුරුදු ගානකට කලින් ඇමරිකාව එංගලන්තය අපේ රටේ ස්වෛරීභාවයට අත පොවනවා කිව්වම සමහරු හිනා වුණා, ඒ වගේ ලොකු රටවල් වලට අපේ රටට ඇඟිලි ගහනවට වඩා ලොකු වැඩ තියනවා. නිකන් මිනිස්සු අවුස්සන්නේ නැතුව ඉන්න කියල. දැන් තේරෙනවා ඇති අත පෙවීම කොහොමද කියල.

:       0       26

Hafeel Tuesday, 20 August 2019 09:01 AM

එහෙමනං විග්නේශ්වරන්ව පත් කරන්නද කියන්නේ?

:       0       0

සේන Tuesday, 20 August 2019 09:11 AM

ලංකාව ස්වාධීන රටක් බව සියලුම කොටි හිතවාදීන් දැනතගත යුතුය. ඔය කඳුළු ගැන අපි හොඳින්ම දනිමු. ඔවුන්ගේ අවශ්‍යතාවය රටක ආරක්ෂාව හෝ ස්ථාවරය නොව. ඔවුනගේ මත යැපෙන අස්ථාවර , අනාරක්ෂිත රටකි. ඔය නිවට කඳුළු ඒ සඳහා ය.

:       0       0

rama Tuesday, 20 August 2019 09:14 AM

මේක අපේ රට පාලනය කරන්නේ මෙහෙ රජය. මානව හිමිකම් කොමසාරිස් නෙවේ

:       0       0

Aris Tuesday, 20 August 2019 09:15 AM

ජනපතිතුමා සුදුස්සාට සුදුසු තැන දීම අපි අගය කරනවා. මේ අයගේ කණගාටුව අපට වැඩක් නැහැ. අපේ රටේ ලක්ෂයක් පමණ ජනතාව මැරුණා. ඒ කාලේ මොවුන් කණගාටු වුනේ නැහැ. නව යුදහමුදාපති තුමාට අපේ සුබපැතුම්.

:       0       1

හිරාන් Tuesday, 20 August 2019 09:16 AM

මැතිණියනී, මේ රටේ අතීතයේ සිදු වු දැවැන්ත මිනිස් සංහාරය වලක්වා ගැනිමේ මෙහෙයුම සිදුකරන විට අපිට හානි කරපු බටහිර රටවල් අදත් මේ ලෙස එරෙහි විම ගැන ඇත්තේ කණගාටුවක්. යුධ සමයේ එල්.ටි.ටි.ඊ ත්‍රස්තයින් සිදුකල දැවැන්ත මිනිස් සංහාරය තුළදී සිංහල, දමිළ, ඉස්ලාම් ලෙස වර්ග විමක් සිදු නොවුනී. එහිදී රට ආරක්ෂා කල ආරක්ෂක අංශ සිදුකලේ රට මේ ත්‍රස්තවාදයෙන් ගලවා ගැනිමය. ඒ සදහා ඔබ නියෝජනය කරනු ලබන රට තුලද සිදුවන ත්‍රස්ත ක්‍රියා වලක්වාගැනිමට නොහැකි තත්වයක් තුළ මේ රටේ ආරක්ෂක අංශ දිවි හිමියෙන් කටයුතු කල ආකාරය අගය කිරිමක් නොකර මෙවැනි අවලාද ඇයි ප්‍රශ්ණයකී.

:       0       2

Prabha Tuesday, 20 August 2019 09:43 AM

ඔය චෝදනා අද වෙනතුරු ඔප්පු කරන්න බැරි වුනානේ.

:       0       1

ධම්ම Tuesday, 20 August 2019 10:47 AM

කොන්ද නැමෙයිද.. ?

:       0       46

Sugath Premalal Tuesday, 20 August 2019 10:51 AM

අපිට තවත් ඇමෙරිකාව වගේ රටක යටත් විජිතයින් වෙන්න බැහැ. අපේ රටේ අපිට ඕන විදියට ස්වාධිීන තීරණ ගන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය කවදාවත් ලංකාවේ වසර 30ක් තිබුණ යුද්ධය ගැන කියන්නේ නැහැ.කොටි ත්‍රස්තවාදීන් ගම්මාන පිටින් විනාශ කරා. බෝම්බ ප්‍රහාර වලින් මිනිස් ජිවිත විශාල ගානක් විනාශ කළා. අපේ රටේ ආර්ථිකය බින්දුවටම බැස්සුවා. සංවර්ධන වැඩ කටයුතු අඩාල කළා . ඒවා ගැන එක වචනයක් කියනවද ? ලංකාවේ පාලකයින් මේවා තේරුම් ගන්නේ නැත්තේ කුමන හේතුවක් නිසාද ?

:       1       1032

NuwanTuesday, 20 August 2019 12:04 PM

ලංකාවේ පාලකයින් මේවා තේරුම් ගන්නේ නැත්තේ කුමන හේතුවක් නිසාද? සුළු දෙයක් ගැතිකම් කිරීමේ දී ලැබෙන ඩොලර් ආධාර මගින් කුට්ටි කුට්ටි සාක්කුවලට වැටෙන නිසා. අනික අපේ පාලකයෝ කිසි දිනක මේ රට සංවර්ධනය කර දුප්පත්කමින් මුදාගන්නේ නැහැ, මන්ද එවිට හිගන රටවලට ලැබෙන හිගමන් බටහිර රටවලින් නොලැබී යන නිසා. මහපාරේ හිගන්නන් සංවිධානාත්මකව යොදවන හිගන මුදලාලි වගේ තමයි අපේ පාලකයෝත්. සදාකල් මේ විදියට අපේ දේ වලට මොවුන් ඇගිලි ගසාවි

:       0       0

Gamarala Tuesday, 20 August 2019 12:26 PM

මිෂෙල් , එල්ටීටීඊ එක, දහස් ගණන් නිරායුධ මිනිස්සු අමු අමුවේ මරද්දී මානව හිමිකම් කවුන්සලය නිදි ද, ඒවාට කියන්නේ "මොන හිමිකම්" කියලද?

:       0       0

සමන්ත Tuesday, 20 August 2019 12:53 PM

ඇමෙරිකාවෙන් අපි හිඟා කාලා නැති නිසා අපි ඕවට බයවෙන්න ඕනි නැහැ. ඒත් මේ දේශපාලුවෝ ඒ රටවලින් ණය අරගෙන මහජනයාට අපිට 1% ක් දිලා, ඉතිරිය තමන්ගේ ගෙදර නඩත්තු කරගත්ත නිසා අපිට මේවගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. අපේ රටට මොකද්ද මේ වෙන්නේ ......

:       0       6

Bandula. Tuesday, 20 August 2019 02:03 PM

අපි එහෙ කොලනියක් නෙමෙයිනෙ

:       0       0

Gamarala Tuesday, 20 August 2019 03:43 PM

ඔය යුධ විරුවන් නොසිටින්නට මේවන විට අපට අහිමි වූ ජිවිත ප්‍රමාණය කොපමණක් දැයි ගණනය කල නොහැකියි. රට අපේ රණවිරුවන්ට ණයගැතියි.

:       0       0

Rasika Tuesday, 20 August 2019 03:48 PM

ඇමෙරිකාව සහ ඔය ජාත්‍යන්තරේ කියන ඒවා කරලා කරලා අපිට මොනවද ලැබුනේ? අන්තිමට වුනේ සහරන්ලා බෝම්බ ගහපු එක විතරයි. ඒකෙන් මැරුනෙත් අපේ මිනිස්සු. ආර්ථිකේ නැත්තටම නැති වුණා. ඇමෙරිකාවෙන් ලැබුනේ මොනවද. අද රටේ ආර්ථික වර්ධන වේගය සියයට 3 ගානක්. එදා යුද්ධේ තියෙද්දිත් ආර්ථිකය වර්ධනය වුනා සියයට 6-8 අතර වේගයෙන්. අපි අපි ගැන විශ්වාස කරලා රට හදන්න ඕනේ.

:       0       0

anura Tuesday, 20 August 2019 05:09 PM

ඇමෙරිකාව විසින් වියට්නාමය, ඇෆ්ගනිස්තානය, ලිබියාව,ඉරාකය වැනි රටවල සිදුකරන ලද කෲර ඝාතන සියල්ල අමතක කරලා දැන් අපිට පාඩම් උගන්නන්න හදනවා. රණ විරුවන් විසින් ‍යුද්ධය අවසන් කිරීම නිසා තවත් ඝාතනය වීමට ඉඩ තිබූ ලක්ෂ ගණනකගේ ජීවිත අද රැකිලා තියෙනවා.

:       0       0

රවින් Wednesday, 21 August 2019 03:01 AM

මෙයා කොයිරටේ මානවහිමිකම් කොමසාරිස්ද? එක්සත් ජාතීන්ගේ සංගමය පිහිටවුවේ මොන පදනම යටතේද? ඒකපාර්ෂිකද නැතිනම් බහුපාර්ශිකද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

’’මෙයාලා හොරුන්ට බැනලා හොරු එක්ක වාඩිවෙලා කනවා’’
2025 මාර්තු මස 19 196 1

ආණ්ඩුවේ ඉදිරි පෙළ දැන් වාඩි වී ඉන්න ඇමතිවරු එදා හොරු හොරු කියා බැන වැදී ඔවුන් එක්ක වාඩිවී පාර්ලිමේන්තුවේ එකට කෑම කෑ අයුරු තමා දැක ඇතැයි බදුල්ල දිස්ත්‍


බියර් ලොරිය මහ පාරේ පෙරලේ
2025 මාර්තු මස 19 212 0

කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ ඇහැළියගොඩ මින්නාන ප්‍රදේශයේ දී බියර් රැගෙන ගිය බහාලුම් රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අවහිර ව


’’අපිට අප විශ්වාසයි’’
2025 මාර්තු මස 19 96 0

විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කරන ආකාරයට ආණ්ඩුවේ අමාත්‍යවරුන් කටයුතු කර අසුවුවහොත් ඉදිරියට පැමිණ සමාව ගැනීමට සූදානම් බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී


දේශබන්දුගේ ගෙදර රටබීම බෝතල් 1009ක්
2025 මාර්තු මස 19 1099 6

අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 1009 ක්ද ඔහුගේ ගිනි අවියද ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක්ද සොයා


සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත් නිවහන බලන්න ඇමති යයි
2025 මාර්තු මස 19 743 0

කොළඹ කාසල් වීදියේ ඉදි කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් දුන


මහින්දගේ අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරයි
2025 මාර්තු මස 19 576 2

ත්‍රස්තවාදී තර්ජනවලට නිරන්තරයෙන් ලක්වී සිටින තමන්ගෙන් ඉවත් කළ ආරක්ෂක සංචිතය නැවත ලබාදීමට රජයට නියෝගයක් නිකුත් කරන්නේයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 419 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 956 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 335 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site