(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාව ද හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිදහස් පක්ෂයේ මහ ලේකම්, බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ලබන 21 වනදා පැවැත්වෙන බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවට ඊයේ පෙරේදා පැමිණි පොඩි ළමයි තමා සම්බන්ධයෙන් කරන යම් යම් ප්‍රකාශ ගණන් නොගන්නා බව කී ජයසේකර මහතා තමා ඒවාට උත්තර දෙන්නේ නැතැයි ද කීවේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලක්සල ආයතනයේ සැපයුම්කරුවන් 12 දෙනෙක් වෙනුවෙන් ගෙවීමට තිබූ හිඟ මුදල් ලබාදීමේ අවස්ථාවට අද (13) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දකවමිනි.
කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි ලක්සල ආයතනයේදී මෙම මුදල් ප්‍රදානය සිදුකෙරුණු අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයින් මෙරටට නොපැමිණීම මත ලක්සල ආදායම සියයට 90කින් පමණ පහත වැටී ඇතැයි ද මෙහිදී සඳහන් විය.
එසේ වුවත් ලක්සල ආයතනය වෙත භාණ්ඩ හා නිෂ්පාදන සපයන සැපයුම්කරුවන් වෙත නිසිපරිදි මුදල් ගෙවීම සිදුකිරීමට පියවර ගෙන ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා සැපයුම්කරුවන් 258 දෙනකු වෙත රුපියල් කෝටි 3 කට අධික මුදලක් ගෙවීමට කටයුතු සූදානම් කර ඇතැයි ද පැවසීය.
බල්ලො බිරුවට කඳු පාත්වෙන්නේ නැතැයි කී රාජ්‍ය ඇමතිවරයා මොන පක්ෂයක් ආවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටෙන්නේ නැතැයි ද කීවේය.
ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කරන කරුණු දැන්ම කිව නොහැකි බව කී ජයසේකර මහතා අපේ ජනාධිපතිතුමා හමුවෙන්න පදනමක් අවශ්‍ය නැතැයි ද පැවසීය.
2025 දෙසැම්බර් මස 16
37
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
835
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී.ල.නි.පය ජනපති හමුවීමෙන් පසු බැසිල් හමුවීමටත් සූදානම්
Demuni Uduwara Tuesday, 13 July 2021 09:22 PM
දයාසිරි, ඔබට පොහොට්ටුවේ සාමාජිකයෙක් හැටියට බැසිල්ව පුද්ගලිකව මුණගැහෙන්න පුළුවන්...
ලලිත් එම් Wednesday, 14 July 2021 06:48 AM
නිකම් බොරු ෂෝ දමලා මිනිස්සුන්ගේ අනුකම්පාව ලබාගත නොහැකි බව තේරුම් ගන්න බැරි ඇයි? ඒ කාලේ දැන් පහුවෙලා. කෙරුමෙක් නම් හොටු පෙරන්නේ නැතිව ඇමතිකමෙන් අයින් වෙලා කෑගහලා විරෝධය පෙන්වන්න. තමුන්ට දේශපාලන අනාගතයක් නැති බවක් පෙනෙන්ට ඕනේ දැන්වත්...
කෝරාළගේ Wednesday, 14 July 2021 09:11 AM
මෙයාට නම් ආත්මගරුත්වයක් කියලා දෙයක් ඇත්තේම නැහැ. ගිය ඡන්දය වෙලාවෙත් අඬලා අඬලා අන්තිමට හේත්තු වෙලා දොලපිදේනි අරගෙන ආණ්ඩුවට උදව් කරලා හේත්තු වුණා. මේ පාරත් ඒකම තමයි කරන්නේ. මෙයාගේ පරම්පරාවටත් ලැජ්ජයි...
Hafeel Wednesday, 14 July 2021 11:03 AM
අපේ බතික් ඇමති දැන් තරමක් බය වුණා වගේ... මේ බතික් ඇමති ධුරය ගත්ත මොහෙතේ නම්, සතුටින් බාර ගත්තා, මේ කර්මාන්තය දියුණු කරනවයි කිව්වා. අලුත් පාර්ලිමේන්තුවේ මුල් දිනයේ බතික් ඇඳුමින් සැරසිලා ආවා.. රජයේ සේවකයින්ට සතියට දවසක් බතික් ඇඳුම් අඳින්නයි කියලා කිව්වා. දැන් එපාවෙලා...