ශ්රී ලාංකික ග්‍රන්ථ රචකයකු අනුක් අරුද්ප්‍රගාසම් ‘අ පැසේජ් නෝත්’ නවකතාව ජාත්‍යන්තර මෑන් බුකර් 2021 සම්මානයේ අවසන් වටය සඳහා නිර්දේශ වී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ලොව ප්‍රකට කීර්තිමත් සම්මානයක් ලෙස පිළිගැනෙන ‘මෑන් බුකර්’ හෙවත් ‘බුකර්’ සම්මානය යනුවෙන් ද හැඳින්වේ.
මෙම සම්මානය වාර්ෂිකව පිරිනැමෙන අතර මේ වසරේ සම්මානය සඳහා කෘති හයක් අවසාන වටයට නිර්දේශ වී ඇත.
ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද එක්සත් රාජධානියේ හෝ අයර්ලන්තයේ පළ කරන ලද නවකතා සඳහා මෙම සම්මානය පිරිනැමේ.
දශක තුනක ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය, එයින් ඇති වූ කම්පනය, ප්‍රචණ්ඩත්වය මෙන්ම පශ්චාත් රෝමාන්තිකකරණය සම්බන්ධයෙන් මෙම නවකතාවේ ඇතුළත් වේ.
මෙවර සම්මානයේ ජයග්‍රාහකයේ නොවැම්බර් 3 වැනිදා නිවේදනය කිරීමට නියමිත ය.
මීට පෙර අවස්ථාවකදී ද මෙම කෘතිය මෙම සම්මානය සඳහා ම නිර්දේශ වී තිබිණි.
අනුක් අරුද්ප්‍රගාසම් කුළුඳුල් නවකතාව වන ‘ද ස්ටෝරි ඔෆ් අ බ්‍රීෆ් මැරියේජ්’ කෘතිය දකුණු ආසියානු සාහිත්‍ය සම්මාන උලළේ ඩී.එස්.සී. සම්මානය දිනාගත් අතර එම කෘතියම ‘ඩිලන් තෝමස්’ සම්මානය සඳහා ද නිර්දේශ විය.
අනුක් අරුද්ප්‍රගාසම් ඉංග්‍රීසි සහ දෙමළ භාෂා යන ද්විත්වයෙන්ම ලේඛන කටයුතුවල නිරත වන අතර හෙතෙම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජීවත් වෙයි.
2025 දෙසැම්බර් මස 04
265
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රි ලංකා