IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා-සිංගප්පූරු රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයට වසර 50යි

(තිළිණි ද සිල්වා)

සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 50ක සපිරීම නිමිත්තෙන් අද (27) දෙරටේදී ඒකාබද්ධව සමරු මුද්දර දෙකක් නිකුත් කෙරුණු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවාගැනීමේ 50 වැනි සංවත්සරයට ඒකාබද්ධ මුද්දර නිකුත් කිරීමේ උත්සවයක් කොළඹදී විදේශ අමාත්‍යාංශයේ දී අද (27) පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය වී.බාලක්‍රිෂ්ණන් යන මහත්වරුන් අන්තර්ජාලයෙන් එක් විණි.

“සමුද්‍ර සංරක්ෂණය” යන තේමාව නිරූපණය කිරීම සඳහා නිර්මාණය කළ මුද්දර දෙක, ශ්‍රී ලංකාවේ කොරල් පරිසර පද්ධතිය සහ සිංගප්පූරුවේ කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රදර්ශනය කරන අතර, සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා දෙරටේ පවතින හවුල් උනන්දුව හා කැපවීම පිළිබිඹු කරයි.

මෙම අවස්ථාව සඳහා එක්වෙමින්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් සමරු තැපැල් මුද්දර නිරාවරණය කිරීම මඟින්, නිසැකවම දෙරට අතර පවතින උණුසුම් මිත්‍රත්වය පිළිබිඹු කරන බවය.

සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා සිය අදහස් දැක්වීමේ දී, සිංගප්පූරු-ශ්‍රී ලංකා සබඳතාවල උණුසුම් හා දිගුකාලීන ස්වභාවය පිළිබඳව කතා කළේය. මෙම කොවිඩ්-19 වසංගත කාල පරිච්ඡේදය ඇතුළුව, අප දෙරට අතර පවතින සමීප හා අර්ථවත් සහයෝගීතාව පිළිබඳවද සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා, සිංගප්පූරුවේ සේවය කළ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරුන් වන චිත්‍රාංගනී වාගිස්වර මහත්මිය, නිමල් වීරරත්න මහතා සහ ෆෙරියල් අෂ්රෆ් මහත්මිය, සිංගප්පූරුව සඳහා ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා, ශ්‍රී ලංකාවේ සිංගප්පූරු ව්‍යාපාරික ප්‍රජාව, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදේශ අමාත්‍යාංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහභාගී විය.

මේ අතර, කොළඹ දී පැවති උත්සවයට පැය කිහිපයකට පෙර සිංගප්පූරුවේ ෂැන්ග්‍රි ලා හෝටලයේ දී පැවැත්වුණු උත්සවයක දී, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මැතිනිය සහ සිංගප්පූරුවේ අනේවාසික මහ කොමසාරිස් චන්ද්‍ර දාස් මැතිතුමා විසින් සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා අංශයේ සහ උප සහරා අප්‍රිකානු අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගිල්බට් ඕ මහතා ඉදිරිපිට දී මෙම මුද්දර දෙක එළිදක්වන ලදී.



අදහස් (0)

ශ්‍රී ලංකා-සිංගප්පූරු රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයට වසර 50යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 361 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 432 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site