IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනට ජර්මනිය සැරසෙයි

(ඩයනා උදයංගනී)

ලොව ඉහළම නවීන සෞඛ්‍ය තාක්ෂණික පද්ධතියක් පවතින ජර්මනියේ ආයෝජකයන් ශ්‍රී ලංකාව තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා දැඩි උනන්දුවක් දක්වන බව ජර්මානු තානාපති හොල්ගර් සෙවුබර්ට් මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ පැවසීය.

එවැනි ආයෝජකයන් මේ වන විටත් ඖෂධ නිෂ්පාදනය ඇතුළු මෙරට ආයෝජන සඳහා ක්‍රියාත්මකව ඇති බවත් එය තවදුරටත් පුළුල් වශයෙන් කෙරෙන්නේ නම් අතිශය වැදගත් බවත් තානාපතිවරයා සඳහන් කළේය.

ජර්මානු තානාපතිවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමඟ එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාව හා ජර්මනිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා 2023 වසර වන විට වසර 70 ක් සපිරෙන බැවින් ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පදනම් කරගනිමින් පුළුල් ආයෝජන වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීම කාලෝචිත බව ඔහු පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසුවේ ඉදිරි වසර කිහිපය තුළ රටට අවශ්‍ය ඖෂධවලින් විශාල ප්‍රමාණයක් රට තුළම නිෂ්පාදනය කිරීමට සැලැසුම් කර තිබෙන බවය.

 

 



අදහස් (3)

ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනට ජර්මනිය සැරසෙයි

AJITH Friday, 05 November 2021 07:09 PM

මෙවැනි දූෂිත දේශපාලනයක් සමග ආයෝජනය කරන්නේ කවුද?

:       5       9

sachithFriday, 05 November 2021 10:07 PM

වෙන කවුද ඉතින්, මේ වගේම අන්ත දුෂිත සමාගම් තමා.

:       0       0

පැරකුම් Saturday, 06 November 2021 06:58 AM

ඔන්න නියම ගැහිල්ලකට හොද චාන්ස් එකක්…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 320 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site